හෙළවුඩයේ කඩවසම් රූපශ්‍රීය

තිස්ස විජේසුරේන්ද්‍ර – මෙවර PEO TV හෙළවුඩ් තාරකාවලෝකන තුලින්

70 දශකයේ ආදරය දිනාගත් දිදුලන තරුවලින් එක් තරුවක් වූයේ තිස්ස විජේසුරේන්ද්‍රයි. 1949 අප්‍රේල් 3 වනදා දොන් භාතිය තිස්ස විජේසුරේන්ද්‍ර නමින් පානදුරේ උපන් ඔහු, මුල්ම වරට කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ ‘කළණ මිතුරෝ’ චිත්‍රපටයේ. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ ඔහුව තෝරාගත්තේ ඔහු සතුවූ දිදුලන කඩවසම් බව නිසාමයි. ඒ නිසාම දිනෙන් දින ජනප්‍රියත්වයට පත් තිස්ස වඩා ස්ථාවරයක් ගොඩ නගා ගත්තේ කිංස්ලි රාජපක්ෂම අධ්‍යක්ෂණය කළ ‘සුහද පැතුම’ චිත්‍රපටයෙන්.

හෙළවුඩයේ බොහෝ සැහැල්ලු ප්‍රේම ජවනිකා රඟපෑ තිස්ස පසු කාලෙක වෙනත් ආකාරයේ චරිතද අත්හදා බැලුවා. ඒ වන විට තිස්ස විජේසුරේන්ද්‍ර යනු කඩවසම් රූපශ්‍රියක් හෙළවුඩයේ සටහන් කළ විශේෂිත චරිතයක්. 2020 වසරේ මැයි 11 වනදා ඔහු ජිවිතයෙන් සමුගන්නා විටත් සිනමාවෙන් සිනමාවෙන් ඈත්වී විශාල කාලයක් වූ බව ප්‍රේක්ෂක මනසේ තැන්පත් වී තිබුනා.

මෙවර හෙළවුඩ් තාරකාවලෝකන තුලින් ගෙන එන්නේ තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ චිත්‍රපට 5ක්.

සුහද පැතුම
සුදු පරෙවියෝ
නෑදෑයෝ
අපි දෙදෙනා
රාන් කුරුල්ලෝ

මේ සියල්ල ඔබ නිවසේ රැඳෙන නොවැම්බර් මාසයේදී.  HOME MENU > SVOD > HELAWOOD THARAKAWALOKANA     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *