හිලූෂ හේවාගම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ උපාධිදාරියෙකි. ඔහු දැනට කෙටි චිත්‍රපට 10 පමණ නිර්මාණය කර ඇත. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය 2014 නිපදවූ Mutant කෙටි චිත්‍රපටයයි. The day (2015) ඔහුගේ දෙවන කෙටි චිත්‍රපටය, ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශය සදහා නිර්දේශ විය. ඒ වගේම ලංකාවේ Agenda 14 උළෙලේදී ද එය සම්මානයට ප්‍රාප්ත විය. 2017 වසරේ නිර්මාණ කළ 12:21:21 කෙටි චිත්‍රපටය සදහා හොදම සංස්කරණයට හිමි සම්මානය, ඉන්දියානු චිත්‍රපට උලලෙකින් ලබාගෙන ඇත. මිට අමතරව දේශිය හා විදේශිය උලෙළවල් රාශියකින් සම්මානයට හා හොදම චිත්‍රපට සදහා හිලූෂගේ සිනමා නිර්මාණ නිර්දේශයට ප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය Lethal Bite, 2021 නොවැම්බර 1 වන දින Wize Tv යූටුබ් චැනලය හරහා නිකුත් විය. Lethal Bite කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ Wize TV productions. නිර්මාණය සදහා තිලන්ක ප්‍රනාන්දු සහ සවින්දී මාපලගම නිශ්පාදන සහය ලබා දී ඇත.
මේ කෙටි චිත්‍රපටයේ කතා සංකල්පය වන්නේ, ශ්‍රී ලංකාවේ 2029 දී, කොරොනා යුගයට පසුව ඇතිවෙන භයානක වෙනත් රෝග තත්වයක් පිලිබදවයි. මුලු චිත්‍රපටයටම පදනම වෙන්නෙ ශ්‍රී ලංකාවේ විෂ සහිත ආහාර ප්‍රශ්නයයි. දැනටමත් ලංකාව ලෝකයේ විෂ සහිත ආහාර ගන්නා රටවල් අතර ප්‍රමුඛස්ථානය ලබාගෙන තිබේ.
මේ නිර්මාණයේ තවත් විශේෂත්වයක් වන්නේ, මේ කෙටි චිත්‍රපටයට රංගනය යෙදන එක් රංගන ශිල්පියෙකු හැර අන් සියලු දෙනා රංගන හැදැරූ හෝ රංගන ශේස්ත්‍රයේ සිටින අය නොවිමයි.
චිත්‍රපටයේ ප්‍රදාන රංගන ශිල්පී ලෙස රියෝ හෙරා, තවීෂි ඇල්ලෙපොල, රසංගි රත්නායක,ප්‍රමෝද් සසලංක දායක වේ.
හිලූෂ හේවාගම නම් තරුණ නිර්මාණකරුවා ඇතුළු පිරිසට චරණ හෙළවුඩ් සතියේ සිනමාව හරහා අප සුභ පැතුම් එක් කරන අතර නුදුරේදීම හිලූෂ හේවාගම සමග Cinema Talkies කතාබහකට ඇරයුම් කර සිටිනවා.
Crew/Cast
Ryo Hera
Thaweeshi Ellepola
Rasangi Rathnayaka
Pramod Sasalanka
Apsara Amarasinghe
Delain Leeniyagoda
Devmini Serasinghe
Kavin De Silva
Nadeeshani Perera
Harin Croospulle
Thilanka Fernando
Tharindu Sanjaya
Written and Directed By – Hilusha Hewagama
producer – Thilanka Fernando / Sawindi Mapalagama
Director of Photography- Dinusha Chamikara
Editor – Hilusha Hewagama
Sound effects Mixing and Visual Effects – Dinusha Chamikara
Hair and Make up – Nadeeshani Perera
Production Manager – Ryo Hera / Roshell Daniel
Lighting – Shalika Fernando
Voice Narration – Kumarini Munirathna
Special Thanks
Chavinda Dharmawardhana
Yasas Ranasinghe
Kavin De Silva
Shalika Fernando
Varanga De silva