IRANIAN FILM
Buda az sharm foru rikht
බාමියන් බුද්ධ ප්‍රතිමාව ගැන…..
බෞද්ධයන්ගේ සිත් තුළ සදා නොමැකෙන අඳුරු මතකයක් තමා ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි දැවැන්ත ද්විත්ව මහා බුදු පිළිම ත්‍රස්ථවාදීන් විසින් විනාස කිරීම…2001 වර්ෂයේදී මාර්තු මස 2 වන දින සිට තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් මෙම පිළිම කීපවරක්ම විනාසකරනු ලැබුවා..මීට පෙරත් එහි විසූ අධිරාජ්‍යවරුන් මෙම පිළිම වහන්සේ විනාශ කරනු උත්සහා දරා ඇති බව සඳහන් වනවා…
බාමියන් නිම්නය පිහිටා ඇත්තේ හින්දු කුෂ් කඳුකරය හරහා දිවෙන සේද මාවතයේ ය. මෙම බාමියන් නිම්නයේ බෞද්ධ ආරාම බොහෝ ගණනක් තිබූ අතර එහි භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩ සිටි බව සඳහන් වනවා..ගාන්ධාර සංස්කෘතිය සහ කලාවේ අභාෂයත් සමඟ විචිත්‍රවත් වු වර්ණ බිතු සිතුවම් වලින් ආරාම පිරී තිබුණ බවද සඳහන් වනවා..
මෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමා ද්විත්වය ත්‍රස්ථවාදීන් විනාස කෙරූ අතර තා දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ( සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්) සැඟවී ඇති බව ද සදහන් වනවා..එම ප්‍රධාන ප්‍රතිමා වහන්සේ ද්විත්වය වූයේ වෛරෝකානා පිළිමය සහ ශාක්‍යමුනි පිළිමයයි..එසේත් නැත්නම් Eastern Buddha සහ Western Buddha ලෙසද හදුන්වයි..ඒ වගේම Solsol සහ Shahmama යන නම් වලින් ද මෙම බුද්ධ ප්‍රතිමා ද්විත්වය හදුන්වා තිබෙනවා.. බටහිර බුද්ධ ප්‍රතිමාව මීටර 55 (180 ft) ක් ද නැගෙනහිර බුද්ධ ප්‍රතිමාව මීටර 38 (125 ft) ක් ද උසැති බව සඳහන් වන අතර ප්‍රතිමා ක්‍රි.ව. 618 හා ක්‍රි.ව 570 දී පමණ සාදා ඇති බව සඳහන් වනවා…
සිනමාපටය ගැන
සිනමාපටය ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ බාමියන් බුද්ධ ප්රතිමාවන් විනාශ කරන දර්ශනවලින් වන අතර සිනමාපටයේ රූගත කිරීම් එම මිටියාවත හා Tajikistan හි සිදුකර තිබෙනවා. පොඩි එවුන් හැදෙන්නේ මහ එවුන් දිහා බලලා…ලොකු අය කරන හරි දේ ද වැරදි දේ ද අරුතක් පොඩි අය දන්නේ නෑ….කීප දෙනෙකුට තේරුනත් කීප දෙනෙකු වටහා ගන්නේ වැරද්දක් කරත් එය නිවැරදි දෙයක් ලෙස.. ත්‍රස්ථවාදී ක්‍රියා පවා ඔවුන් සිතන්නේ වීරකමක් ලෙස..මොකද කියනවනම් ඒක තමා සමාජය සංස්කෘතිය යන හැටි.. අපි පොඩි වයස්වල කොතරම් සෙල්ලම් තිබුණ ද කොතරම් සෙල්ලම් කරාද කොතරම් නිදහසක් තිබුණද ඉගෙන ගැනීමට කොතරම් නිදහසක් තිබුණද…නමුත් ඔවුන් ගෙවන ජීවිතේ මාරම කටුකයි..ඔවුන්ගේ සෙල්ලමේ පවා ඇත්තේ ඔවුන්ට අසන්න දකින්න ලැබෙන ඒ ප්රචණ්ඩත්වයයි..
Hana Makhmalbaf නම් අධ්‍යක්ෂකවරිය ,අධ්‍යක්ෂණය කෙරූ මෙම සිනමාපටයේ නම අරගෙන ඇත්තේ ඇයගේ පියා වූ Mohsen Makhmalbaf විසින් රචිත ග්රන්ථයකිනි.එහි නම වූයේ ‘The Buddha Was Not Demolished in Afghanistan, It Collapsed Out of Shame‘ යන්නයි..සිනමාපටය අයත් වන්නේ War/Drama ශානරයන්වලට..
හැම කෙනාම කැමති ඉගෙන ගන්න..බක්තායි හරිම ලස්සන කුඩා ගැහැණු දරුවෙක්.. ඇය අබ්බාස් නම් පොඩි ළමයාගේ කියවීම් අහලාම ඉගෙන ගැනීමට බොහෝම උද්යෝගයක් දක්වනවා.. නමුත් ත්‍රස්ථවාදය රජකරන එවැනි කාලෙක එවැනි සමාජයක ගැහැණු දරුවෙක් ඉගෙන ගන්නවා කියන්නේ ලේසි නෑ… ඈ ඉගෙන ගන්න දරන උත්සාහය අපූරුයි. පුරුෂ ආධිපත්‍ය, යුද්ධය, දරිද්‍රතාවය, ප්රචණ්ඩත්වය උපරිමෙන් තිබූ සමාජයක ජීවිතයන් ගෙනයන ආකාරය නැරඹීමට නම් මෙම සිනමාපටය බලන්නම වෙනවා…වයස අවුරුදු 5ක් පමණ වූ එම කුඩා දැරිවියගේ රංගනයන නම් ඉතාමත් අපූරුයි..
දිනූ සම්මාන සහ නිර්දේශ වීම් අතරින් කිහිපයක්,
Ankara Flying Broom International Women’s Film Festival 2008
Winner (FIPRESCI Prize) – Hana Makhmalbaf (director)
Asian Film Awards 2008
Nominee (Asian Film Award) – Best Film
Berlin International Film Festival 2008
Winner (Crystal Bear) – Generation Kplus – Best Feature Film (Hana Makhmalbaf)
Winner (Peace Film Award) – Hana Makhmalbaf
Rome Film Fest 2007
Winner (Paolo Ungari UNICEF Prize) – Hana Makhmalbaf
San Sebastián International Film Festival 2007
Winner (Special Prize of the Jury) – Hana Makhmalbaf
Winner (TVE Otra Mirada Award) – Hana Makhmalbaf
Thessaloniki Film Festival 2007
Winner (Woman & Equality Award) – Hana Makhmalbaf (director)
Oslo Films from the South Festival 2008
Winner(Silver Mirror Award) – Best Feature(Hana Makhmalbaf)
Tokyo FILMeX 2007
Nominee (Grand Prize) – Hana Makhmalbaf
ඔබ නැරඹිය යුතුම සිනමාපටයක්….
IMDb – 7.3/10
Rotten Tomatoes – 80%
Language: Persian
Director: Hana Makhmalbaf
Producer: Maysam Makhmalbaf
Writer: Marzieh Makhmalbaf
Starring : Abbas Alijome , Abdolali Hoseinali , Nikbakht Noruz
ඉරාන් චිත්‍රපට සමූහය – Cinema of Iran සමුහටය සටහන ලියන්නේ දනිත අමින්ද