හෙළ සොම්නසේ කැඳවුම්කරු – එඩී ජයමාන්න

හෙළවුඩ් තාරකාවලෝකන මේ සැප්තැම්බරයේදී

හෙළවුඩයේ පුරෝගාමී විකට නළුවෙක් සිටී නම් අවිවාදයෙන්ම ඒ චරිතය එඩී ජයමාන්නයි. 1915 පෙබරවාරි 15 වනදා දොන් වික්ටර් එඩ්වඩ් වන්නිආරච්චි ජයමාන්න නමින් මීගමුවේදී උපන් එඩී, එදා මෙදා තුර හෙළවුඩයේ මුල් සැකසීමට දැක්වූ දායකත්වය අපමණයි. එකල ග්‍රැමෆෝන් තැටි සඳහා විකට ජවනිකා ඉදිරිපත් කරමින් කලාවෙහි අත්පොත් තැබූ එඩී, සිය සොහොයුරාගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් ප්‍රසිද්ධ කලාවට පිවිසියා.

1943 දී රුක්මණී දේවි සමඟින් විවාහ වීමෙන් අනතුරුව ඇරඹි සිනමා චාරිකාව මෙරට ප්‍රේක්ෂකයා අමතක නොකරන එකක්. 1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ මනප්පු ගේ චරිතයෙන් ඇරඹි ඒ ගමන්මගේ, විකට චරිත මෙන්ම දුෂ්ට චරිතද ඇතුලත් වුනා. ගී ගයමින් විකට චරිත බොහෝ ඉදිරිපත් කළ එඩී අවසන් වරට ගී ගයමින් නිරූපණය කළේ 1982 තිරගත වූ කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනයේ වීම දෛවෝපගත සිදුවීමක්. විනෝදජනක ගීත කලාවකට අමතරව චිත්‍රපට නිෂ්පාදනයටද එඩී දායක වුනා.

මෙවර හෙළවුඩ් තාරකාවලෝකන තුලින් ගෙන එන්නේ එඩී ජයමාන්නයන්ගේ චිත්‍රපට 5ක් .

දෛවයෝගය
සිරියලතා
නළඟන
සතුටයි කඳුලයි
කවට අන්දරේ

මේ සියල්ල ඔබ නිවසේ රැඳෙන සැප්තැම්බර් මාසයේදී SLTMOBITEL PEOTV සහ PEOTVGO වෙතින්….

https://www.facebook.com/PEOTV/videos/280218016869690



Leave a Reply

Your email address will not be published. Required fields are marked *