අරගල කරන මුරණ්ඩුකාර ඉලන්දාරියෙකුගේ කතාවක්

පියෝ ටීවී තුලින් ඔබේ ආලින්දයට එන සුපිරි දමිළ චිත්‍රපටය, කර්නන්.

2021 වසරේ තිරගත වීම ඇරඹු කර්නන් මාරි සෙල්වරාජ් ගේ අධ්‍යක්ෂණයක්. කොලිවුඩයේ සුපිරි නළු ධනුෂ් ප්‍රධාන චරිතය නිරූපණය කළ මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ දැඩි අවධානය පැහැරගත් චිත්‍රපටයක්.

තමන් ජිවත් වෙන ගමත් එහි වැසියනුත් පීඩනයට පත් කරන්නන්ට එරෙහිව අවි ඔසවන ශූර තරුණයෙකු වටායි කර්නන් කතාව ගෙතෙන්නේ. අපූරු සිරිත් විරිත් තිබෙන සුන්දර ගමක එහි වෙසෙන්නන් සාමාන්‍ය ලෙසින් ජීවිතය ගෙවද්දී ඇතිවෙන පීඩනයන්ට අමතරව කර්නන් නම් තරුණයා වටා ගෙතෙන සුන්දර ප්‍රේමයක්ද චිත්‍රපටයට පාදක වෙනවා. තමන්ගේ පවුලට සහ හිතවත් ගම්වාසීන්ට සිදුවන නොයෙකුත් කෙනෙහිලිකම් සහ හිරිහැර ඉවසාගත නොහැකිව අවි ඔසවන කර්නන්ට කුමක් සිදුවේද? මේ උද්වේගකර ජවනිකා කෙසේ ගොඩනැගෙන්නට ඇතිදැයි විමසන්නට නම් දැන්ම කර්නන් නරඹන්න ඔබට සිදු වෙනවා.

IMDB දර්ශකයේ රේටින් 8.2 ක් ලබා ගත් කර්නන් කලකට පසු ධනුෂ්ගෙන් දැකගත හැකි සුපිරි රංගනයක් සහිතයි.

 Home Menu > SVOD > TMT Mix හෝ  Home Menu > Movies > HD Collection හරහා මෙය ඔබට ඕනෑම මොහොතක නැරඹිය හැකියි.      

SLTMOBITEL මොබයිල් පාරිභෝගිකයන්ට දැන් DATA ගාස්තු නොමැතිවම PEO TV GO හරහාත් Karnan නැරඹිය හැකියි.
කර්නන්ට අමතරව තවත් චිත්‍රපට 25 කටත් වැඩියෙන් TMT Mix ඔස්සේ ඔබට ලැබෙනවා.

කර්නන් දැන් SLTMOBITEL PEOTV හා PEOTVGO වෙතින්…

කර්නන් චිත්‍රපටය ගැන රුවන්ති ජයතිලක විසින් භාරත සිනමා රසික සංසදයට FACEBOOK සමුහයට ලියු අපුරු සටහනද කියනවා, කර්නන් චිත්‍රපටය PEO TV හරහා නරබන්නට අරාධානා කරනවා.

කැළෑවක් විදියට සීල් වැදුණු ගමක් වෙනුවෙන් අරගල කරන මුරණ්ඩුකාර⁣ ඉලන්දාරියෙක්,දවසක වේවි මතකයේ රැදෙන වීරයෙක්…..!

අසුරන් සිනමා නිර්මාණය තුළ දැකපු සිවසාමි කර්නන් කතාවෙ කර්නන් විදියට දකින්න ලැබෙද්දි, “ධනුෂ් ” නම් කෙසග සිරුරක් හිමිවෙච්ච තරුණයා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා මං විශ්වාස කරනවා …මාරි සෙල්වරාජ් මහත්තයගෙ අධ්‍යක්ෂණයෙන් නිම වෙච්ච කර්නන් මට අනුව නියම නිර්මාණයක් …තමන්ගේ නිර්මාණය තුළ ඔහු භාවිතයට අරගෙන තියෙන සංකේතාත්මක ව්‍යාංගාර්ථයන් පිළිබඳව පුන පුනා ගළපවලා බලන්න හිතෙන තරමට නිර්මාණය හැඩයි…

මම මේ සිනමානිර්මාණය පිළිබඳව මේ ආකාරයේ සටහනක් තබන්නේ කර්නන් දැණුන හැඩය පිළිබඳව ඉදිරිපත් කරන්නට මිසක නිර්මාණයට අංශුමාත්‍රයක තරමේ හීරිමක්වත් කරන්ඩ බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි…ඔබේ දැක්ම මට වැඩියෙන් හාත්පසින්ම වෙනස් හැඩයක් ගන්න පුළුවන් ..⁣මක්නිසාද කියනවනම් අපි හැමෝටම තියෙන්නෙ සාපේක්ෂ රසවින්දනයන් නිසාවෙන් ..

කතන්දරේ ආරම්භයේදිම මතක ඇති දේව ප්‍රතිමාවක් හා සමාන රූපයක නළල දිගෙ හැකරැලේලෙක් ගමන් කරනවා…මට ඒක දැණුනෙම අන්ධ භක්තියක් ගැන නොකියා කිවුවා වගෙ එකක්..පස්සෙ ඒක මනුස්ස අතක රූප රාමුවක් පෙන්නුවා මගෙ මතකය නිවැරදිනම්…ඒ භක්තිය හරහාම යථාර්ථය දැක්කා වගෙ දැනිල්ලක් මට පෞද්ගලිකව දැණුනෙ ..මොකද අදහන්ඩ ඕන වීරයෝ වෙනුවෙන් ඉන්තේරුවටම පිළිම හැදෙන්නේවත් මැවෙන්නේවත් නැති හන්දා…අනිත් ප්‍රබලම ව්‍යාංගාර්ථය කවන්ධයක් පමණක් තිබෙනා පිළිමයකට වැඳුම් පිදුම් කරන තැන..

අපි දන්න කාලෙ ඉදලම හැම තැනදිම දුබලයා ප්‍රබලයාට ගොදුරක් වෙනකල් අපිට බලාගෙන ඉන්න වුණා …හරියට කතන්දරේ ආරම්භයේදි උකුස්සෙක් ඩැහැගන්න කකුල් පැටියා දිහාවෙ බලාන ඉන්න සිද්ධ වුණා වගේ..හැබැයි අකලට වියපත් නොවුණු ස්ත්‍රියක් විලාප මැද්දෙ විරාම අරගෙන අනාවැකියක් කියනවා ඔබට මතක ඇති කියලා හිතනවා..

“දවසක උගෙ තටු කඩන්න කෙනෙක් ඒවී “

කාටවත් වැදගත් නොවිච්ච ගමක ඉලන්දාරියෙක් වෙච්ච කර්නන් ⁣කවදාමහරි දවසක ඒ ගමට වීරයෙක් වේවි කියලා නොහිතෙන්ඩ ඇති…අවුරුද්ද නිවැරැදි නම් ඒ 1997 …⁣

මොකද ⁣හිතෙන්නෙ කෙනෙක් තව කෙනෙක්ට අතපාන්න වුණොතින්….ඒක රසවිදින එකද මනුස්සකම කියලා ප්‍රශ්ණාර්ථ ඉදිරිපත් කරන්න පුළුවන් වුණත් පැහැදිලි උත්තර කාළගවත් තිබ්බෙ නෑ..කර්නන්ගෙ ගම අල්ලපු ගමෙන් අතපෑවේ බස් නැවතුම්පළ වෙනුවෙන් …එතනදි සිද්ධ වෙන අකයුටුතුකම් ,හිරහැර විද දරාගෙන රකින යුක්තියකින් ඇති පල කුමක්ද කියලා හැම මොහොතකම තර්ක කරපු කර්නන්⁣ට ගමෙන් මහා පරිමාණයේ ප්‍රශංසා ලැබුණා කියලා හිතන්ඩ බෑ…මොකද අපි මුලදි එහෙම දකින්නෙත් නෑනේ..

කර්නන්ගෙ නැගණිය මීට අවුරුදු දහයකට කලියෙන් මහ පාර මැද්දෙදි වාහනයක් නතරකරගන්න බැරිව අසනීයක් උත්සන්න වෙලාමියැදුණාට පස්සෙවත් ගම වෙනුවෙන් බලයක උන්නු ඇත්තන්ගෙ පඬුපුල් රත්වුණේ නෑ…බස් එකක් නතර වුණේ නෑ ඒ තැන කවදාවත් …අපි මැදියම් රැයේ දකින ස්වප්නයන් තුළ යථාර්ථයක් නෑ කියලම බැහැර කරන්න බැ…කර්නන්ගෙ කතාවෙදිත් අපිට ඒක දකින්න ලැබෙනවා…කර්නන්ගෙ නැගණියව තමන්ගේ සීයාට පේන සහ ආරූඪ වෙච්ච හැසිරීම් දකින තැන….තමන්ගේ අක්කගෙ කසාදය වෙනුවෙන් ඉතිරි කරවපු කාසි ටික වෙනුවෙන් ඇය හීනයක් තුළහෝ පෙනී ඉන්න එක නිර්මාණය තුළ ඉදිරිපත් කරලා තියෙන විදිය මට අනුව ඇත්තටම අපූරුයි …

කවුදෝ ගැටගහපු කකුල් තිබ්බ අර තැනින් තැන හයිලයිට් වෙච්ච බූරුවගෙ රූපරාමු මට නිරන්තරයෙන්ම සිහිපත් කරවන්නෙ කර්නන්ගෙ හිතේ නලියමින් තිබ්බ සාධාරණය වෙනුවෙන් කරපු අරගලය…කකුල් බැදලා ගමනක වේගය බාල කරන්න පුළුවන් වුණත් යන ගමන නවත්තන්ඩ හිතන්ඩවත් බෑ වගෙ ගතියක් දැණුනෙ …අන්තිමට එයාගෙ කකුල් නිදහස් කරන්නෙත් කර්නන්ම තමයි….ඒ තැන තමන්ගේ නංගී අවසාන මොහොත ගත කරපු තැන විදියට අපිට අනුමානයන් විදියට ගොඩනගාගන්න පුළුවන් හේතු නිර්මාණ කරුවා විසින් ප්‍රේක්ෂකයන්ගෙ ඇස් ගෙඩිදිහාවට විහික් කරලා තියෙනවා..රිසිනම් දැනෙනු පිණිසම….

නිදහස් වෙච්ච සතා නිදහස ලබද්දී කවදාවත් කර්නන්ගෙ ගමේ හන්දියෙ නතර නොවිච්ච බස්රථයක් බලහත්කාරයෙන් හරි නැවතිලා …ගල්තලාවක් දිහාවට නිදහස් වෙච්ච සතා දුවද්දී එතැන හිටගන්නෙ කර්නන්ගෙ නැඟණිය…

බලපුළුවන්කාරකම් වලින් අහිංසකයන්ට තඩිබාන අසමජ්ජාති මනුස්ස පරාණ කොහෙත් අතරින් පතර ඉන්නවා…ඒක හැටියක්…ඒ තැන රූප රාමුවලට නිර්මාණ කරුවා විසින් රැගෙන එද්දි හිතවතුනි ඔබට මතකැති පොළිසියෙ පඩියක දිගේ එහෙ මෙහෙ දගලන සමන⁣ළයෙක් ….කෙමෙන් කෙමෙන් දුර්වල හැඩයකින් පහළ තැනකින් රැදෙන තැනක්..එතනින් පස්සෙ අපේ ඇස් ඉස්සරහට කැන්දාන එන්නෙ පොළිසියෙ අමනුස්ස වෙස් ගත්ත මනුස්ස පරාණයක් අහිංසක වැඩිහිටියන්ට හොදටෝම තඩිබාන තැනක්…ඇත්තටම ඒ ගැළපිලි නම් ඉස්තරම් ..

ප්‍රේමය පිළිබඳව කතාකරන තැන්වලිදි අතිශයින්ම සාමාන්‍ය වර්ෂාවකට වැඩියෙන් ගැළපලාතිබ්බ ලස්සන තැනක් මට අහුවුණා …කර්නන් හොයාගෙන ගල්තලාවට ද්‍රොපති එද්දි හාද්දකින් පස්සෙ කර්නන් තමන්ගේ කකුල් ඔබාගෙන උන්න දිය කඩිත්ත හදවතක හැඩයක් හා සමානව කැමරාකරු ⁣විසින් අපේ ඇස්ඉස්සරහ මවපු තැන..

ගම ගැන කැක්කුමක් තියෙන ඉලන්දාරියෙක්ට ඊට එහායින් ලෝකයක් තියෙනවද කියන කාරණාව ගැන ඉන්තේරුවටම කියන්න මම දන්නෙ නෑ ..හැබැයි අවසානයෙ එක දෙයක් පැහැදිලියි…”

දුබලයායැයි විශ්වාස කරන්නා සියළු තැන්හිදීම ප්‍රබලයාට ගොදුරක් නොවන වග…!”

වීරයෙක් වුණාම මියැදෙන්ඩ පහසු නැ…මොකද පරම්පරා ගානක් ගියත් ඒ රූපෙ පුන පුනා ඇස් ඉස්සරහට වඩිනවා…

ඉතින් හිතවතුනි වීරයෙක් කියන්නේම ප්‍රතිමාවකට සීමා නොවුණු මනුස්ස වෙස් ගත්ත දෙවියෙක්…කර්නන් අපිට කියන්නේ ඒ යථාර්ථය නොවෙද…?

__________________________________________සටහන – රුවන්ති ජයතිලක



Leave a Reply

Your email address will not be published. Required fields are marked *