හෙළවුඩයේ නවතම කෙටි චිත්‍රපටය “Diary”

හෙළවුඩයේ කෙටි චිත්‍රපට නමාවලියට එක්වන නවතම කෙටි චිත්‍රපටයක වැඩකටයුතු පසුගියදා අවසන් කරනු ලැබුවා.

Exci Production ඉදිරිපත් කිරීමක් ලෙස දොරට වඩින මෙම කෙටි චිත්‍රපටය  “Diary” ලෙස නම් තබා ඇති අතර කෙටි චිත්‍රපටයේ කතාව ලියා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජනධි ෂෝනිල් සමරසේකර විසින්.

චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙනු ලබන්නේ ජසින්තා ශ්‍රියානි දිසානායක වන අතර චිත්‍රපටයේ තිරරචනය සහ අධීක්ෂණය සිදුකර ඇත්තේ ඉදිරීයේදී පැමිණීමට නියමිත case no 447 චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ජෙගනාදන් චන්ද්‍රහාසන්‍ ය.  සහය අධ්‍යක්ෂණය සහ දෙබස් රචනයෙන් මොහොමඩ් මිෂාල් පෙරේරා දායකත්වය ලබා දී ඇති අතර කැමරාකරණය Ratheyan විසින්ද චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සදහා   Honey niagara යන ශිල්පීන් සිය දායකත්වය ලබා දී ඇත.

රෝමාන්තික ශානරයට අයත් කෙටි චිත්‍රපටයක් වන මෙහි සියලු රූගත කිරීම් කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේය. කෙටි චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් චිත්‍රපටයේ අඩංගු ගීතයකට වෙනම මියුසික් වීඩියෝවක්ද නිර්මාණය කිරීමට කටයුතු කර තිබේ. කෙටි චිත්‍රපටයේ රංගනයෙන් ජනධි ශෝනිල් සමරසේකර , නවයුගා කුගරාජා, සුභාජිනි මාහේ , මොහොමඩ් මිෂාල් පෙරෙරා , ලෝගිනි මහේන්ද්‍ර , රෙමොනිෂා උදයකුමාර් , මාස්ටර් සංජීවන් යන ශිල්පීන් රංගන දායකත්වය සපයා ඇත .  කෙටි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරමින් චිත්‍රපටයේ නිළ ප්‍රචාරක පෝස්ටර් දෙකක් මේ වන විට නිකුත් කර තිබේ.

සටහන රංගන ඉසුරුගෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *