Kollywood පුරයෙන් Bollywood පුරයට පායා ආ තරු

” මයිකල් ජැක්සන්” ලෙස විරුදාවලී ලත් ප්‍රභූ දේවා ගැනයි. ඔහුගේ හැකියාවේ පරාසය විවිධ අංශ වලින් ඔහු ඔප්පු කර දී තිබෙනවා. Dance Choreographer , Director , Producer , Actor. Best Choreography සම්මානය දිනාගන්නත් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබන්නත් හැකිවුනේ නර්තනයට ඔහු කල සේවය නිසාමයී.අපි ඉස්සෙල්ලම බලමු දමිළ සිනමාවේ ඔහුගේ දායකත්වය. 1990 සිට 2000 දක්වා වානිජ අතින් සාර්ථක වුනු ච්ත්‍රපටි කිහිපයකම ඔහු රගපෑව. Kadhalan ප්‍රකට අධ්‍යක්ෂ S. Shankar ගේ ෆිල්ම් එකක් වන මෙහි සංගීතය A.R Rehman ගෙන්. ජාතික සම්මාන හතරක් ලබාගත් මෙහි Mukkabla සහ Urvasi Urvasi ගීත අදටත් ජනප්‍රියයි.

මෙහි වගේම Love Birds ෆිල්ම් එකෙත් ඔහුගේ නිලිය වුනේ නග්මායි. Minsara Kanavu හී කාජල් සහ අරවින්ද් සාමි සමගත් V.I.P ෆිල්ම් එකේ Ramba සහ Simran සමගත් Kaathala Kaathala හී කමල් හසන් සමගත් අති සාර්ථක චරිත නිරූපණයක යෙදුනා. Suyamvaram ච්ත්‍රපටිය සංධිස්ථානයක් සටහන් කලේ ඔහුගේ රංගන දිවියේ මෙහි නිෂ්පාදකයා අධ්‍යක්ෂවරු 14 දෙනෙක්, කැමරාශිල්පීන් 19 ක් සහ 30 අධික ප්‍රධාන රංගනශිල්පීන් ගේ දායකත්වය ලබාගෙන පැය 23 සහ මිනිත්තු 58 කින් මෙය රූ ගත කල අවසන් කල Guinness World Record එකකට හිමිකම් කී නිසයි.ඉන්පසු ඔහුගේ ෆිල්ම් වලින් සාර්ථකත්වයක් ලබාගන්න අපහසු වූ නිසා ඔහු සහය රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කලා. කන්නාඩ, තෙලිගු ෆිල්ම් වලත් ඔහු රගපෑවා.

Pokkiri ෆිල්ම් එකේ අධ්‍යක්ෂ ලෙස ඔහු අලුත් මගකට පැමිණුනා. යලිත් අවුරුදු 11 ක විරාමයකින් Devi ෆිල්ම් එකෙන් දමිළ සිනමාවේ නැතිවූ ජනප්‍රියත්වය ලබාගන්නට ඔහුට හැකිවුනා. Mercury , Lakshmi , Charli Chaplin 2 , Devi 2 ඔහුගේ රංගනයෙන් හැඩවුනා.Wanted ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරමින් හින්දි සිනමාවට පිවිසි ඔහු Rowdy Rathor, R.Rajkumar, Singh Is Bliing ච්ත්‍රපටි තුලින් රසිකයන් පිනෙව්වා. ABCD , ABCD2 ෆිල්ම් වලින් ඔහුගේ නර්තන හැකියාව ඉස්මතුකලා. සල්මන් කාන් ගේ Radhe හීත් අධ්‍යක්ෂ වන්නේ ඔහුයි.අවුරුදු 32 ක් අත්දැකීම් ඇති 48 වැනි වියේ පසුවන ඔහු තවමත් තරුණයි, ජවසම්පන්නයි තවත් දිගු කාලයක් රසිකයන් ව පිනවන්න ඔහුට හැකිවේවායී පතනවා.

Shehan Malik’s ෆිල්ම් පවුල පිටුවට ලියන්නේ විදුනි හෙට්ටිආරච්ච්.

https://www.facebook.com/groups/ShehanMalikFillmFamily/permalink/966759817394325/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *