අසීමාන්තික කැප කිරිමක සංකේතය ගැහැණිය – The Great Indian Kitchen

The Great Indian Kitchen 2021

ගූගල් පරීශිලක දර්ශකය

IMDB 8.4/10

අසීමාන්තික කැප කිරිමක සංකේතය ගැහැණිය.

අපි ආදරයේ උල්පත විදිහට හදුන්වන්නේ අම්මාය. අම්මා කෙනෙක් මේ ලොකේ කරන කැප කිරීම මෙතකයි කියා අපට විස්තර කළ නොහැකිය. ඇය එතරම් පවිත්‍රය. මේ ලොකෙට මවු කුසකින් දියනියක් බිහු වු විට ඇය මුලින්ම ආදරය කරුණාව දකින්නේ ඇගේ මවගේ නෙත් යුගලෙනී.මවගේ අප්‍රාමාණ ආදරය එක්ක ඇය සෙනෙහස් දියේ තෙත් වෙමින් මේ ලොකයට මුහුන දිමට පාර සාදා ගනී. දියණියකට මේ ලොකේ ආදරය සමග එන හොදම රැකවරණය දෙන්නේ පියාය. පියෙකුගේ දියනියක් කෙරෙහී ඇති වන අප්‍රාමාණ ආදරය නිසාම ඇය කුළ ගෙදරට යන තෙක් ගිණි ගොඩක් මැද තැවී තැවී ජිවත් වෙයි. සමාජය එතරම් නපුරුය. දියනියක් වයස අවුරුදු 5 /6 සම්පුර්ණ වෙනකොට ඇය පුංචි පුංචි විදියට වැඩ ඉගෙන ගනී. ගෙදර ඉන්න එකම දුව හරී ආසයි එළි වෙනකන් නිදා ගන්න , දවල්ට ආසාවට නිදා ගන්න , තමන්ගේ සම වයස් යාළුවෝ හවස පිටනියේ සෙල්ලම් කරනකොට ලහී ලහියේ ගිහින් සෙල්ලම් කරන්න එත් ඇයට අම්මා ඒ අවසරය දුන්නත් කාලයත් එක්ක ඒ අවසරය නැති වෙලා යයි.

මේ ලොකේ හැමොට හීන තියෙනවා දියණියක් උනත් ඇයටත් ඒ වගේ ලස්සන හීනයක් එකතු කරන්න ඇගේ අම්මා තාත්තා ලස්සනට කියලා දෙනවා. දුවක් උනාම ගුණ දහම් වලින් වගේම රූපයෙනුත් ලස්සන වෙන්න කියලා අම්මා ඇයට නිතර කියනකොට පුංචි කාලේ එකේ තෙරුම ඇයට වටහා ගන්න බැරි වෙන්නේ තාම ඒ වචනේ බර පතල කම ඇයගේ මනසට බර නිසාය. මේ ලොකේ පිරිමි කෙනෙක් නොවිදින දුක් පහක් අනිවාර්යයෙන් දියනියක් විදිනවා. එක අපිට කිසිම විදියකින් නවත්වන්න බැ.

ඇය වැඩි වියට පත් වෙලා මාසෙකට වරක් ඔසප් වෙනකොට මේ ලොකේ විදිය හැකි අසීමිත වේදනාවක් ඇය විදිනවා.සමහර විට දවසක් දෙකක් හරී ඉට වැඩි කාලයක් හරී ඒ දුක විදින්න ඇයට සිදුවේ. ගෙදර ඉන්නකොට පුංචි හරී දුකක් ආවොත් අම්මා බදාගෙන අඩන්න ඇයට පුළුවන් , කියාගන්න බැරි අසනීපයක් හැදුනොත් අම්මට තුරුළු වෙලා නිදා ගන්න පුළුවන්.ගෙදර ඉන්න දුව හුරතලෙට ආදරෙට ඉන්නවා බලන්න ඕනම අම්මා කෙනෙක් ආස හින්දාම ගොඩක් වෙලාවට ඇයගේ පුංචි පුංචි වැඩ පවා බැන බැන හරී අම්මා කරලා දෙනවා. එකයී දුවෙකුයි අම්මා කෙනෙකුයි අතර තියන ආදරණිය බැදිම.චිත්‍රපටය තුල මේ කොටස් නම් නැ එත් ආරම්භයක් ගන්න මේ කොටස් එකතු කරොත් හොදයි කියලා මට හිතුනා.

ජීවිතයේ එක හීනයක් අත දරාගෙන කුළ ගෙදරට යන යුවතියට ඇගේ හීනය සාර්ථක කර ගන්න පුළුවන් වෙයි ද කියලා මේ කතාව වටා අපිට බලා ගන්න පුළුවන්.

අවුරුදු 23/24 වෙනකොට ගොඩක් වෙලාවට අම්මා තාත්තා උනත් බලන්නේ මේ දුවව හොද කෙනෙක්ට විවාහ කරලා දෙන්න. මේ කාලේ වෙනකොට ගොඩක් දියණියන් තමන්ට කියලා සහකාරයෙක් හොයා ගෙන ඉවර උනත් අම්මා තාත්තා අකමැති නිසාම බොහෝ වෙලාවට එයාලා හොයලා දෙන කෙනෙක් එක්ක යුග ජිවිතයට එළබෙන්නේ අසීමාන්තික දුකක් විදිමට බලාපොරොත්තු වෙනී. මාල හත දාලා කුළ ගෙදරට යන දියණිය තමන්ගේ අම්මා තාත්තා එක්ක තිබ්බ ආදරයෙන් ගොඩක් දුරස් කරන්නේ කදුළු පුරවා ගත් දෙනෙතත් සමගයි.

කෙල්ලෙක් මේ ලොකේ විදින දෙවනි වේදනාව තමයි. කුළ ගෙදරට යන දවසට ඇය තමන්ගේ පවුලේ සියළු දෙනාම අමතක කරලා අලුත් පවුලකට දියණියක් ලෙස පිය නැගීමේදී එන වේදනව. හරී අලංකාර ලෙස චිත්‍රපටය ආරම්භය ගන්නේ ඉහත මම කීව සංසිද්ධින් සමග නිසා එය නරඹන අපට ඉතාමත් හොද සංකලනයක් ලෙස පෙන්වා දිය හැකිය. කුළ ගෙට ගිය දියණිය මදු සමය ගත කිරිමත් සමග කාන්තාවක් ලෙස ලොකයට එන්නේ පතිවත රැකි කුළගනක් ලෙස ආ ගමන අවසන් කරමිනි.අලුතින් ගෙදරට ලේලියක් විදියට දියණියක් ආ විට ඇයට තමන්ගෙම දුවෙක් විදියට සලකීම මවකගේ වගකීමය. ඇය සිය ජිවිතයේ ලොකුම කැප කීරිම කර පැමින ඇති බව අප වටහා ගත යුතුය.ඒ සියල්ල තුල මවගේ හා ලේලියගේ ඇති ආදරණිය බැදිම ගැන සිනමාව තුල කතා කිරිමට නිර්මාණ කරුවා සමත් වී ඇත.

පිරිමි කෙනෙක් උදේ වැඩට ගොස් හවස ගෙදර එන අතර එය බොහෝ විට පැය අටකට හෝ දහයකට සීමා වෙයි.නමුත් කාන්තාවකගේ වැට පටන් ගන්නේ උදේ පාන්දරය. සමහර විට එය අවසන් වන්නේ රාත්‍රී කාලයේය. පිරිමි කෙනෙක් හට ඇගට අපහසුවක් දැනුනොත් එය පවසා නිදා ගත හැකිය නමුත් කාන්තාවකට එසේ කළ නොහැකිය.එසේ කිරිමට ගියහොත් සිදු වන්නේ බෝහෝ විට අනෙකුත් අය කුසගින්නේ සිටිමය.කන්තාවක් කුටුම්බයක් තුල ඇගේ දිනය ගත කරනකොට ඇයගේ ක්‍රයා කළාපයන් ඉතා හොදින් නිර්මාණය තුල කතා කරිමට නිර්මාණ කරුවා සමත් වේ. ස්භාවික දර්ශන තළ යොදා ගැනීම නිසා එය ඉතාමත් තාත්වික වී ඇතිවාට සැකයක් නැත.

පිරිමි අපි කෙතරම් උත්සහ කරත් පිළිවට වැඩක් කිරිමට නොහැකිය.එය කිසිදු තර්කයකින් තොරව අප පිළිගත යුතුය. නමුත් කාන්තාවක් නිතරම වැඩ කරන්නේ පිළිවලටය. වෙලාවකට මට හිතෙන්නේ පිරිමි අපි බොහෝ උදාසීන වී ඇති බවය. චිත්‍රපටයේ එක් දර්ශනයකදී දෙදෙනා පිටින් ආහාර ගන්නා අතර එහීදී ආහාර මේසය පිලිවලට තබා ගනිමින් ආහාර ගනී.නමුත් ඔහුම නිවසේදී ආහාර ගන්නේ මේසය අපිරිසිදු වන අයුරිනී. මේ සිදු විම චිත්‍රපටය තුල එන අපුරුම දර්ශනයක් ලෙස මම දකිමී.

අපි පිරිමි විදියට පුළුවන් නම් කාන්තාවක් කියන්නෙත් තවත් මනුෂ්‍යයෙක් ලෙස දකින්න ඇයටත් පිරිමි අපට මෙන් විවේකයක් ලබා දෙන්න මම හිතෙන්නේ මේ ලොකේ පිරිමියෙක්ට දෙන්න පුළුවන් ලස්සනම තැග්ග එක කියලා.නිර්මාණය කරුවා එම දර්ශනය තුලින් එය ඉතා හොදින් අපට පහදලා දිමට සමත් වේ.

ආදරය කරනකොට අපි කියන ලස්සන වචනයක් තියෙනවා

” මම ආදරය කරන්නේ එයාගේ රූපයට නෙවෙයි ගති ගුණ වලට , එයාගේ අදහස් මගේ අදහස් වලට හොදට ගැලපෙනවා කියලා “

එහෙම කියන අපි කුටුම්බය තුලදි බිරිදව කුස්සියට සීමා කරනවා. බිරිදකගෙන් සැමියෙක්ට ඉටු විය යුතු යුතුමක් ටිකකුයි. සැමියෙක්ගෙන් බිරිදට ඉටුවිය යුතු යුතුකම් ටිකකුයි ඇත.මේ දෙක ඉතා හොදින් ගලපා ගතහොත් ඉතා හොද පවුල් ජිවිතයක් ගත කළ හැකිය. පුංචි කාලේ ඉදන් දැකපු හීනයක් බිරිදක් වීම නිසා අහක දැමිය යුතුද ? අවසානයේ අපෙන් ප්‍රශ්න කරයි.

මේ ලොකේ කාන්තාවක් පිරිමියෙක්ට දෙන හොදම පදවිය තමයි පිය පදවිය. ඇය දසමාසයක් කුසයේ තියාගෙන දරුවා හදනවා. ඒ අතර තුරත් ඇය තම සැමියාගේ ආශාවන් ඉටු කරනවා. අඹු සැමි විදියට හැසිරිම වරදක් නොවේ නමුත් පිරිමියෙක්ට හැකි නම් ඇය වෙනුවෙන් මාස නවයක් ඒ කැප කිරිම කරන්න. එය සැබෑ පිරිමි ලක්ෂණයක් ලෙස මම දකිනවා. මාස නවයකින් පස්සේ ඇය මේ ලොකේ පිරිමි කෙනෙක්ට විදිය නොහැකි කාන්තාවකට පමණක් විදිය හැකි ආසීමන්තික වේදනාව විද ඇය ලොකෙට දරුවෙක් බිහි කරනවා. තාමන්ගේ සැමියාගේ ලේ වලට ජීවයක් ඇය දෙනවා.එකයි කාන්තාවක් වන්දනීය වන්නේ. ඇය ජිවිතයේ පස් වැදරූම් දුකෙන් හතරක් විදලා අවසානයේ ඇගේ ශරීරයේ සියළු රසයන් තමන්ගේ දරුවාට දිලා දරුවා උස් මහත් කරනවා.

කාන්තාවකගේ ශරීරය හරිම වෙනස් දරු ප්‍රසූතිය වෙලා අවුරුදු ගානක් යනකොට ඇගේ දරු ප්‍රසූත හැකියාව අඩු වෙනකොට එදා දුන්න ආදරය ටිකෙන් ටික අඩු වෙනවා.ඇයගේ කායික හැකියා නිදි යහනේ හීන වෙනකොට ඇයව අමු සොහොනට බට මළ මිනිය වගේ ඉවත් කරන බොහෝ පිරිමි සිටිම කණගාටුවට කරුණක්.ඇය මේ ලොකේ පිරිමියෙක්ට දුන්න ආදරය ඇයට විදින්න වෙන්නේ ඇස අග රැදුණු කදුළු කැට වෙලා.ඒ තාක් විදපු දුක කවම දාවත් දරුවෙක්ට පෙන්න දෙන්නේ නැ . ඇය තමයි මිහිපිට සිටින උතුම් පරිත්‍යාගයේ සංකේතය.

චිත්‍රපටය බලපු අය කියයි. මේ චිත්‍රපටය තුල මෙතරම් දෙයක් තිබ්බේ නැ කියලා නමුත් එය හොදට බලන්න එය තුල සියළු කරුණු අන්තර්ගත උනා. මළයාලම් සිනමාව හරී අපුරු විදියට ස්භාවිකත්වය නිර්මාණය කරන්න සමත්.මෙයත් එයට ඉතාමත් හොද නිදසුනක්. චිත්‍රපටය අවසාන උවත් තවත් කාලයක් යනකන් හිතන්නට යමක් එකතු කරපු නිර්මාණයක් විදියට අපගේ මතකයට මේ නිර්මාණය එකතු වේවී.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Jeo Baby විසින් වන අතර රංගනයෙන් Suraj venjarmoodu දායක වේ.චිත්‍රපටය 2021.01.16 වන දින නිකුත් කළ අතර පවුලේ සැමට එකට හිද රසවිදිමට හැකි නිර්මාණයකී

තවත් චිත්‍රපටයකින් හමුවෙමු

  • තාරුක නිරොෂාන්.
    – උපුටා ගැනීම – මළයාලම් සිනමාව – മലയാളം സിനിമാ Fb පිටුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *