ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේතුපති මීට දින කිහිපයකට පෙර ශ්‍රීරාම් රගවන්ගේ අලුත්ම චිත්‍රපටය සඳහා එක්වීමට කැමැත්ත පළකොට ඇති බව වාර්තා වනවා.
මෙම චිත්‍රපටයේ සේතුපති සමග රංගනයෙන් දායක වන්නේ බොලිවුඩ් සුපිරි සිනමා නිළි කත්‍රිනා කයිෆ් බවයි වාර්තා වන්නේ.
ශ්‍රීරාම්, වරූන් ධාවන් සමග ‘එක් කිස්’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටි අතර, ඔහු ‘කොවිඩ්’ රෝගියෙකු වීම හේතුවෙන් චිත්‍රපටයේ වැඩ කටයුතු මුළුමණින්ම නවතා දමා ඔහු විජේ හා කත්‍රිනා යොදාගමින් සිය අලුත්ම නිර්මාණයට ආරම්භ කරන්නට කටයුතු යොදා තිබෙනවා.
කෙසේ වෙතත් විජේට සහ කත්‍රිනා කයිෆ්ට ආදරය කරන සිනමා ලෝලීන්ට නම් මෙය සුබ ආරංචියක් වේවි.