ජොනීගේ සිනමාගමන අවසන් වෙයිද?

ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට මේ දවස් වල එච්චර හොඳ කාලයක් නෙවෙයි. Pirates of the Caribbean, Alice and the Wonderland, Into the wood වගේ Disney චිත්‍රපට හරහා විශාල ආදායමක් ඩිස්නි සමාගමට හොයලා දීපු නළුවට දැන් Pirates of the Caribbean චිත්‍රපටයේ ජැක් ස්පැරෝව්ගේ චරිතය අහිමි වන ලකුණු පහළ වුනේ චිත්‍රපට මාලාව කාන්තා ප්‍රධාන චරිතයක් යොදාගෙන Reboot වෙනවා කියලා නිවේදනය කලාට පස්සේ…මොකද තාමත් ජොනී මේකට සම්බන්ධ වෙනවා කියලා ඉඟියක්වත් නැහැ…ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතුනට ඊයේ Warner Bros සමාගම ඊයේ ජොනීට එයාලගේ නිෂ්පාදනයක වන හැරී පොටර් සිනමා විශ්වයේ Fantastic Beast චිත්‍රපට මාලාවේ Grindelwald චරිතයෙන් ජොනීට ඉවත් වෙන්න කියලා තිබුණට පස්සේ අපිට තේරෙන විදියට ජොනීගේ පෞද්ගලික ජීවිතය ඔහුගේ සිනමාගමනට හරස් වෙනවා කියලා අපිට හිතන්න වෙනවා…

ජොනී මුලින්ම විවාහ වෙන්නේ 83 දී ඒ සම්බන්ධය 85 දී ඉවර කරලා 1990 වෙනකොට තව නිළියන් දෙන්නෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා..90 දී එයගේ Edward Scissorhands චිත්‍රපටයේ නිළි Winona ryderට විවහා යෝජනාවක් ගේන ජොනී එයාගෙ දකුණු අතේ “Winona Forever”කියලා පච්චයකුත් ගහගන්නවා…ඊට පස්සේ 94 ඉඳලා 98 වෙනකම් මොඩ්ලර් කෙනෙක වුන Kate Moss එක්ක තිබුණ සමබන්ධයෙන් පස්සේ ජොනී විවහ වෙන්නේ ප්‍රංශ නිළියක් වුන Venessa paradise එක්ක..ඒ විවහයෙන් ජොනීට දුවෙක් වගේම පුතෙකුත් හම්බවෙනවා..දරුවන් දෙන්නා නිසා ජොනීගේ ජීවිතය වෙනස් වුනා කිව්වොත් හරි…ජොනී ගත කරපු ජීවිතයත් එක්ක දරුවන් නිසා පවුල රැකියාව හැම දෙයක්ම සාර්ථකව අරන් යන්න ජොනීට පුළුවන් වුනා විතරක් නෙවෙයි,එතන ඉඳන් ජොනීගේ වෘත්තීය හැරෙන්න ගත්තේ වෙනස්ම දිශාවකට…2007 දී එයාගේ දුවට වකුගඩු අකර්මන්‍යය වන රෝගයක් නිසා ලන්ඩන් රෝහලක රෝහල් ගත කරනවා…ඒ⁣ රෝගයෙන් දියණියව සුව කරන්න පුළුවන් වුන නිසා ඩෙප් ඒ රෝහලට යුරෝ මිලියනක් පරිත්‍යාග කරනවා විතරක් නෙවෙයි එයාගේ ජැක් ස්පැරෝව් චර්ත⁣ය විදියට වෙස් අරගෙන ඒ රෝහලේ ළමයි එක්ක පැය හතරක් විතර කතන්දර කියලා විනෝදයෙන් ගත කරන්නත් ජොනී කටයුතු කරනවා…

ඒත් 2012ද එයා එයාගේ බිරිඳගෙන් දික්කසාද වෙනවා…එතන ඉඳන් තමයි අපි මේ කියන්න යන දේ පටන් ගන්නේ…ජොනී ආපහු සම්බන්ධයක් පටන් ගන්නේ The Rum Diary චිත්‍රපටයේ එයත් එක්ක රඟපාපු Amber Heard එක්ක…2015 පෙබරවාරි වලදී මේ දෙන්නා විවාහ වෙනවා…ඊට පස්සේ එකපාරටම 2016 මැයි වලදී වාරණ නියෝගයක් ලබා ගන්නේ ජොනී විවහය පුරාම ඇයට වාචික හා කායික හිංසනයන්ට පත් කලා කියලා අධිකරණට පවසමින්….ඩෙප්ගෙ පැත්තේ නීතිඥයින් කිව්වේ මේක Heard ජොනීට විරුද්ධව අධිකරණට බොරු අපයෝජන චෝදනා එල්ල කරලා වන්දියක් බලාපොරොත්තු වෙනවා කියලා…පස්සේ Heard අධිකරණට සාක්ෂි ඉදිරිපත් කරනවා…කොහොම හරි මේ සාක්ෂි එළියට ගිහිං ජොනීට මාධ්‍ය වලිනුත් සෑහෙන්න මඩ වදින්න ගන්නවා..අන්තිමට මේක නකලවර වෙන්නේ 2017දී දෙන්නා දික්කසාද වෙලා…වාරණ නියෝගය ඉවත් කරගන්න Heard ට ජොනී ඇමරිකන් ඩොලර් මිලියන 7ක වන්දියක් ගෙවීමෙන් පස්සේ Heard ඒක පුණ්‍යාදාර වෙනුවෙන් පරිත්‍යාග කරනවා..ප්‍රශ්නය එතනින් ඉවර වෙන්නේ නැහැ…

2019 දී Heard විසින් The Washington Post පුවත්පතට කරලා තියෙන ප්‍රකාශයකට විරුද්ධව ජොනී හර්ඩ්ට විරුද්ධව නඩු පවරන්නේ US ඩොලර් මිලියන 50ක වන්දියක් ඉල්ලලා..හැබැයි ජොනී මේ කියන ලිපියේ කොතනවත් හර්ඩ් විසින් ජොනීගේ නමවත් ජොනී මෙහෙම කලා කියලත් නැහැ….ගෘහස්ථ හිංසනය කාන්තා අපයෝජන සම්බන්ධව කාන්තාවන්ට ඇති අවධානම ගැන කතා කරපු ලිපියේ ඇයගේ මුල් තරුණ වියේ විශ්ව විද්‍යාල අවධියේදි මුහුණ දීපු ලිංගික හිංසනයන් ගැන සඳහන් ලිපියේ තමන්ට වක්‍රව චෝදනා එල්ල කලාකියලා තමයි ජොනී මේ නඩුව දාලා තියෙන්නෙ…ඒ වගේම The Sun පුවත් පත 2018 දී පලකරන ලිපියක ජොනීව Fantastic beast චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම සම්බන්ධව ලිපියක් පලවෙන්නේ, ජේ.කේ රෝලින්ග් wife beater jonny deppව Fantastic Beast චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම ගැන සතුටු වෙනවාද කියලා…

එතනදී ජොනීව wife beater නැත්තම් බිරිඳට පහරදෙන්නා කියලා හදුන්වලා තියෙන නිසා ජොනී අදාල පුවත්පත ප්‍රකාශ කරන සමාගමට විරුද්ධවත් නඩු පවරනවා…කොහොම හරි පසුගිය නොවැම්බර් 2 වනිදා මහාධිකරණය පුවත්පතට එරෙහිව ජොනීගේ ප්‍රකාශය නිශ්ප්‍රභා කරනවා…The Sun පුවත්පත අදාල ප්‍රකාශය අැත්ත කියලා සනාථ කරන්න සාක්ෂි ඉදිරිපත් කරලා තියෙන නිසා අදාල සිද්ධිය සැලකියයුතු ලෙස සත්‍යයි කියලා තමයි මේ විදියට මහාධිකරණය තීන්දුවක් දීලා තියෙන්නේ…⁣මේ තීන්දුවත් එක්ක සම්පූර්ණ සිද්ධියේම වැරදිකාරයා විදියට දැන් පත් වෙලා ඉන්නේ ජොනීව.ඉතිං නියෝගයෙන් දවස් හතරකට පස්සේ Warner Bros සමාගම ජොනීගෙන් ඉල්ලා තියෙනවා Fantastic beast චිත්‍රපටයෙන් ඉවත් වෙන්න කියලා…ජොනී ඒක ගැන ඊයෙ සමාජ මාධ්‍යය වලට නිවේදනය කලේ ඒ ඉල්ලීමට ගෞරව කරමින් චිත්‍රපටයෙන් ඉවත් වෙනවා කියලා..

අවුරුදු 54 ක් වයස ජොනී ඩෙප් කියන්නේ වෙනස්ම චරිත හරහා ඔහුටම ආවේණික රංගනයක් තියෙන දක්ෂ නෙවෙයි අතිදක්ෂ නළුවෙක්…කලින් කියපු ඩිස්නි චිත්‍රපට ඇරුනම Charlie and the chocolate factory, The dark shadow, The lone ranger ,Edward Scissorhands චිත්‍රපට වලින් එකට එකක් වෙනස් චරිත වලින් අපි ජොනීව දැක්කා..ඒ වගේම Transcendence, Secret window, Sweeny Todd, Finding Neverland, blck mass වගේ සම්මානනීය චරිත වෙනුවෙන්වත් ඔහුට අද වෙනකම් කිසිම ඔස්කාර් සම්මානයක් ලැබිලා නැහැ…ඒ ඇකඩමි සම්මානයක් විතරක් නෙවෙයි BAFTA සම්මානයක්වත් ලබලා නැති ජොනීට එකම එක Golden Globe සම්මානයක් ලැබිලා තියෙනවා,Sweety Todd වෙනුවෙන්…ප්‍රධාන පෙලේ සිනමා සම්මාන වල තත්ත්වය එහෙම වුනත් ජනතා සම්මාන නම් ඔහු සෑහෙන්න දිනාගෙන තියෙනවා…2005 ඉඳලා 2018 වෙනකම් අවුරුදු 3ක් ඇරුණම අනිත් හැම අවුරුද්දකම People’s Choice සම්මාන වල ප්‍රියතම නළුවා සම්මානය ජොනී සතු කරගන්න සමත් වෙන්නේ එයාගෙ චරිත වලට ප්‍රේක්ෂකයන් ඒ තරම්ම ආදරය කරන නිසයි…

මේ ප්‍රශ්නෙදිත් ජොනී වෙනුවෙන් සෑහෙන්න ප්‍රෙක්ෂක පිරිසක් ඔහු වටේ එකතු වෙලා ඉන්නවා කියලා පේනවා වගේම ඊයෙ නිකුත් කරපු පණිව්ඩයෙන් ඔවුන්ට ස්තූති කරන්නත් ඔහු අමතක කලේ නැහැ…ඔහු නිවරදි කියලා ඔප්පු කරන්න මේ සටන නවත්තන්නේ නැති බවත් කියලා තියෙන ජොනීගේ සිනමා ගමන කොහොම වෙයිද කියනන දැන්ම වෙලාව වැඩි…අපි බලමු මේ චරිතාංග නළුවගේ දෛවය කොහෙමද ලියවිලා තියෙන්නේ කියලා…අන්තිමට කියන්න තියෙන්නේ ආදරයකට ජීවිතයක් සාර්ථක කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන් කියලා…..

ප:ලි- ජොනි ඩෙප් 2019 දී ඇම්බර්ට විරුද්ධව ගොනු කල නඩුවේ ඉතිරිය ගැන මට අතපසු වී ඇති නිසා එය මෙසේ සටහන් කරන්නම්…ඒ නඩුවේදි ඇම්බර් අදාල පුවත්පතට ජොනී සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති නිසා එය නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලීය…නමත් පසුව ඩෙප් විසින් ඇය ඔහුට පහර දුන්බවට සාක්ෂි ඉදිරිපත් කරමින් ඇම්බගේ කදුළු කිඹුල් කදුළු බවට පත් කලේය…

2020 ජනවාරි මස ජොනී වැදගත් සාක්ෂියක් උසාවියට ඉදිරිපත් කලේය…ඒ ඇම්බර් හා ඔහු අතර දුරකතන සංවාදයයි…එහි පැහැදිලිවම අැය පවසනවා ඇය ජොනීට පහර දුන් බවට.. අයගේ හඬින්ම ඇසෙන ඒ දුරකතන සංවාදය මඟින් තහවුරු වනවා ඇයගේ ශාරීරික හිංසනයන්ට ලක් වූයේ ඩෙප් බව..ඔහු පවසනවා ඇය ඔහුට වීදුරු බෝතල් වලින්,කෑන් වලින්,දැල්වෙන ඉටිපන්දම් වලින්,ටිනර් කෑන් වලින් වලින්ද විසිකර පහර දී ඇති බව…දික්කසාද නඩුවේදී ඇය මුලින්ම ගොනු කල පිටු 300 ක වාර්තාවේ ඇය ජොනී ඇයට දැඩි ශාරීරික හිංසනයන් කල බවත් ඔහු රාක්ෂයෙක් ලෙසත් හඳුන්වා ඇති අතර ඒ සියල්ල මේ දුරකතන සංවාදය හරහා බොරු මවා පෑමක් බවට පත් විය….

-අනුෂ්ක රසාංජන ද සිල්වා-

( සිනමාවේදීන් ෆේස්බුක් සමූහයේ පල වූවක් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *