ලෝක ප්‍රකට ලේඛකයෙක් වන ශ්‍රී ලංකාවේ උපන් ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ Funny Boy නවකතාව ඇසුරින් නිපදවූ ෆනී බෝයි චිත්‍රපටය කැනඩාව වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබෙනවා. ඒ එරට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් විසින් කරන ලද නිර්දේශයක් මතයි. ඒ අනුව ලබන වසරේ අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත ඔස්කාර් උළෙලේ විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් තරඟ වදින කැනඩා චිත්‍රපටය ෆනී බෝයි වනු ඇත.
චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා එකල ලංකාවේ රූගත කළ ලෝකයේම අවධානය දිනා ගත් වෝටර් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා දීපා මෙහෙතා. ලංකාවේ වාර්ගික යුධ සමය තුල එයට හසුවන නව යෞවනයෙක්ගේ මතුවන ලිංගික හැඟීම් අළලා ශ්‍යාම් සෙල්වදුරෙයි මේ කෘතිය රචනා කොට තිබුණා. 1994 දී පළවුණු මෙම කෘතිය සම්මානයට පවා පාත්‍ර වුණා.
චිත්‍රපටය දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් නිෂ්පාදිතයි. ඒ අනුව චිත්‍රපටය දෙසැම්බර් 4 දා කැනඩා රූපවාහිනි සේවය වෙත මුල් වරට මුදා හරින අතර දෙසැම්බර් 10 සිට ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන් වෙත සමීප වෙන්නේ Netflix තුලින්.