පසුගියදා පැවැත්වුණු මහා මැතිවරණයෙන් අපේ සිනමා කර්මාන්තයේ සාමාජිකයන් 7 දෙනෙක් වැඩිම මනාපයෙන් තේරී පත් වුනා. ඒ කොළඹින් තේරී පත් වුනු රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ බන්දුල ගුණවර්ධන, කුරුණෑගලින් තේරී පත් වුනු කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, ගාල්ලෙන් තේරී පත් වුනු ගීතා කුමාරසිංහ, ගම්පහින් පත් වුනු රන්ජන් රාමනායක, අනුරාධපුරෙන් තේරී පත් වුනු උද්දික ප්‍රේමරත්න සහ මහනුවරින් තේරී පත් වුනු කෙහෙළිය රඹුක්වැල්ල යන අපේක්ෂකයින්.

මෙහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඔහුගේ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් වුනා. 2011 වසරේ එළිදැක්වුණු ‘ගාමණී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර. එමෙන්ම ඔහුගේ නවතම චිත්‍රපටය ‘ශ්‍රී සිද්ධා’ ළඟදීම තිරගත වීමට නියමිතයි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනප්‍රිය සහ සම්මාන ලාභී චිත්‍රපට රැසක නිෂ්පාදකවරයෙක් වනවා. ඒ සුද්දිලාගේ කතාව, අයෝමා, සිරිමැදුර ආදී චිත්‍රපටවලයි.

එමෙන්ම ගීතා කුමාරසිංහ මහත්මියද පාලම යට, ලොකු දුව ආදී සම්මාන ලාභී චිත්‍රපට කිහිපයකම නිෂ්පාදකවරියයි. කෙහෙළිය රඹුක්වැල්ල මහතාද චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා රඟපෑ සක්විති සුවය චිත්‍රපටය ඔහුගේ චිත්‍රපටයකි.

කථිකාචාර්ය ගුණපාල රත්නසේකර ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මහරජ ගැමුණු චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය. එමෙන්ම එම චිත්‍රපටයේ ගැමුණු චරිතය නිරූපණය කළේ උද්දික ප්‍රේමරත්නය.

හෙළවුඩයේ ප්‍රකාශිත එකම සුපිරි තරුව රන්ජන් රාමනායක සුපුරුදු පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *