26 වැනි වතාවටත් පැවති Screen Actors Guild සම්මාන උළෙල පසුගියදා නිමාවට පත් වුනා. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි Joker සහ Parasite චිත්‍රපට දෙක මෙහිදී කැපී පෙනුනා.
Joker චිත්‍රපටයේ වකීන් ෆීනික්ස් සමඟින් ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වී තිබූ අතර ජයග්‍රාහකයා වූයේ වකීන් ෆීනික්ස්. එමෙන්ම හොඳම සමූහ රංගනය සහිත චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Parasite කොරියානු චිත්‍රපටයයි.
එමෙන්ම බ්‍රැඩ් පිට් හොඳම සහය නලුවාට හිමි සම්මානය දිනා ගත්තේ Once Upon a Time in Hollywood චිත්‍රපටයටයි. Avengers – Endgame සම්මාන ලැබුවේ හොඳම ක්‍රියාදාම රංගනය සපිරි චිත්‍රපටය ලෙසයි.
HBO නිෂ්පාදනයක් වන Game of Thrones හි බෙහෙවින් ජනප්‍රිය පීටර් ඩින්ක්ලේජ් වෘතාන්ත නාට්‍ය සඳහා වූ හොඳම නලුවා සම්මානය දිනා ගත්තා.
මෙවර සම්මාන උළෙලේ ජීවිතයට එක් වරක් පමණක් හිමිවෙන සුවිශේෂී සම්මානය දිනා ගත්තේ රොබට් ඩි නීරෝ විසින්. එම සම්මානයට අදාළ හේතු පාටය කියවූයේ ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ විසින්.


