Avengers : Endgame 26 එයි. දැන්මම වාර්තා බිඳ දමයි.

Marvel සිනමා විශ්වයේ අවසාන සිනමාපටය ලෙස නොබෝ දිනකින්ම ලොව පුරා තිරගත වන Avengers : Endgame මේ වන විටත් වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. චිත්‍රපටය ලොව පුරා තිරගත වීම අරඹන්නේ ලබන 26 වනදා සිටයි.

නමුත් මේ වන විටත් මංගල දිනය සඳහා වන සියලුම ටිකට්පත් විකිණී අවසන් බව ඇමරිකාවේ විශාලතම අන්තර්ජාල ටිකට්පත් වෙන් කිරීමේ සමාගමක් වන Fandago පවසනවා. ඒ අනුව ඇමරිකාවෙන් ලැබෙන වාර්තා පවසන්නේ එම ටිකට්පත් සියල්ලම විකිණී අවසන් වීමට ගත වී ඇත්තේ පැය 6ක් තරම් අල්ප කාලයක් බවයි.

ඒ අනුව හොලිවුඩයේ අනාවැකි අනුව මෙතෙක් ලෝකයේ නිකුත් කළ blockbuster චිත්‍රපට අතරින් පළමු සති අන්තයේ වැඩිම ආදායමක් ලබන චිත්‍රපටය බවට Avengers : Endgame පත් විය හැකි බවයි. මීට පෙර මංගල දිනය සඳහා වූ වැඩිම ආදායම හිමි කරගත් Star Wars: The Force Awakens චිත්‍රපටය මේ අනුව දෙවන ස්ථානයට පත් වනවා.

Avengers : Endgame චිත්‍රපටය Disney බෙදාහැරීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *