කිලෝ 136ක් බර හඳගමගේ මස් පර්වතය අද සිට දිවයින පුරා…

අශෝක හඳගම අධ්‍යක්ෂණය කරන ලද ‘අසන්ධිමිත්තා’ පසුගිය දින වල වඩාත් කතා බහට ලක්වූයේ එහි ප්‍රධාන චරිතය රඟ දක්වන නිල්මිණි සිගේරා නිසාය. ඒ ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ හොඳම රංගනය වෙනුවෙන් පිරිනැමෙන ‘යකුෂි පර්ල්’ සම්මානය නිල්මිණි වෙත හිමිවීම නිසයි. එම සම්මානය අශෝක හඳගම සේම චිත්‍රපටය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ හා සමානවම ජයග්‍රහණයක් ප්‍රේක්ෂකයා පැත්තෙන් හිමිවන්නේ චිත්‍රපටය අද සිට දිවයින පුරා තිර ගත වන නිසාය.

නිල්මිණි සිගේරා විසින් රඟන ප්‍රධාන චරිතයට අමතරව ධර්මප්‍රිය ඩයස් , ඩබ්ලියු ජයසිරි , ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි චරිත නිරූපණය කරති. එමෙන්ම කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ, සංගීතයෙන් කපිල පූගලආරච්චි එකතු වන අතර නිෂ්පාදනයෙන් දායක වන්නේ සරසවි සිනේ රූ වෙනුවෙන් එච්.ඩී ප්‍රේමසිරි විසින්.

රීගල් – කොළඹ , මැජස්ටික් සිටි – බම්බලපිටිය , ලිඩෝ – බොරැල්ල ඇතුලු CEL මණ්ඩලයේ සිනමාශාලාවල සීමිත දින ගණනක් වෙනුවෙන් අසන්ධිමිත්තා ප්‍රදර්ශනය වේ.

සමන් වික්‍රමාරච්චි විසින් රචිත ‘අසන්ධිමිත්තා’ නව කතාව ඇසුරින් අසන්ධි චරිතය කේන්ද්‍ර කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.

සිනමා ශාලා පහතින්.

පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *