ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධ ශ්‍රී ලංකා සිනමා පාසලේ සිනමා අධ්‍යයනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා මේ දිනවල අයදුම් පත් කැඳවා තිබෙනවා. මෙම තුන් අවුරුදු උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා අයදුම් පත් බාර ගැනෙන්නේ මාර්තු 30 වෙනිදා දක්වා පමණයි.
සිනමාවේ සියලු කාර්මික සැකසුම් සහ සෞන්දර්යාත්මක අංශයන් ගැන විධිමත් අධ්‍යාපනයක් මෙම ඩිප්ලෝමාව සඳහා ලබා දීමට අදහස් කරන බව ශ්‍රී ලංකා සිනමා පාසල කියා සිටිනවා. මේ සඳහා මූලික අධ්‍යයන භාෂාව වන්නේ සිංහල භාෂාවයි. ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සිනමාවේදී සංජීව පුෂ්පකුමාර විසින්.
edu@slf.lk විද්‍යුත් තැපෑලෙන් හෝ www.slf.lk වෙබ් අඩවියෙන් උසස් ජාතික ඩිප්ලෝමාව පිළිබඳ සියලු තොරතුරු ලබා ගත හැක.