දැකලා පුරුදු කෙනෙක් අද සිට

තරුණ සිනමාකරුවෙක් වන මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කරන ලද ‘දැකලා පුරුදු කෙනෙක්’ අද සිට CEL හා රිද්මා මණ්ඩලයේ සිනමාහල් වල තිර ගත වීම ආරම්භ කිරීමට නියමිතයි. දැකලා පුරුදු කෙනෙක් ගිය වසරේදී දේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වූයේ ‘මතු බලාපොරොත්තු තැබිය හැකි’ අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක් ලෙසයි. එහිදී සරසවිය සම්මානයට මෙන්ම දෙරණ සිනමා සම්මානයෙන්ද මලිත් හෑගොඩ පිදුම් ලැබුවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි සමඟින් සමාධි ලක්සිරි. චිත්‍රපටයේ තිර රචනය ප්‍රවීණ සිනමා විචාරකයකු වන භූපති නලින් වික්‍රමගේ විසින්. එමෙන්ම කැමරාකරණය මෙරට සිනමා කැමරා විෂයෙහි ප්‍රවීණයෙක් වන එම්. ඩී මහින්දපාලයන් විසිනි.

ලෝකයේ බොහෝ සිනමා උළෙලවල් වල විශේෂ අවධානයට පාත්‍ර වූ දැකලා පුරුදු කෙනෙක් අද සිට පළමු වටයේ සිනමාහල් 20 කට අධික සංඛ්‍යාවක තිර ගත කිරීමට නියමිතයි.

සිනමාහල් ලැයිස්තුව පහතින්.

පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *