Captain Marvel හෙට සිට

Marvel Cinematic Universe (MCU) හෙවත් මාවල් සිනමා විශ්වයේ 21 වන චිත්‍රපටය ලෙස Captain Marvel මාර්තු 8, හෙට සිට තිරගත කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Anna Boden හා Ryan Fleck විසින්. මෙය Marvel Studios හි නිෂ්පාදනයක්. මෙම චිත්‍රපටය ලොව පුරා බෙදාහරින්නේ සුප්‍රකට Walt Disney සමාගම විසින්.

MCU හි ප්‍රථම Female led Superhero චිත්‍රපටය ලෙස Captain Marvel එළිදකින අතර මෙම චිත්‍රපටය සඳහා ඇ.ඩො මිලියන 152 ක වියදමක් දරා ඇත. මෙහි ප්‍රධාන චරිතය වන Captain Marvel හෙවත් Carol Danvers ලෙස ඔස්කාර් සම්මාන ලාභී Brie Larson චරිත නිරූපනය කරන අතර සෙසු චරිත Samuel .L.Jackson හා Ben Mendelson විසින් නිරූපනය කරති.

හොලිවුඩයේ ගණනය කිරීම් අනුව මෙම කාන්තා සුපිරි වීර චරිතය අලුත් අත්දැකීමක් වන නිසා එය මෙතෙක් තිබූ Box Office වාර්තා අලුත් කරනු ඇති බවට පුරෝකතනයක් ඉදිරිපත් වී තිබෙනවා. හෙට සිට ශ්‍රී ලංකාවේ සිනමා ශාලා ගණනාවකද Captain Marvel තිර ගත වීමට නියමිතයි.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *