SLIM – Nielsen People’s Awards – රන්ජන් ගේ කිරුළට හේමාල් තට්ටු කරයි

ශ්‍රී ලංකා වරලත් අළෙවිකරණ ආයතනය සහ Nilesen ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන SLIM – Nielsen People’s Awards ඊයේ රාත්‍රියේදී උත්කර්ෂවත් අයුරින් නිමා වුනා. එය ඊයේ නිමාව දුටුවේ පිට පිට 13 වන වතාවටයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති සම්මාන රාත්‍රියේදී ශ්‍රී ලංකාව තුල වඩා ජනතා ආකර්ෂණයට ලක් වන ආයතන , පාරිභෝගික භාණ්ඩ , සේවා සහ පුද්ගලයන් ඇගයීමකට ලක් කරනවා. ඒ සඳහා නියැදි මුලු රටම ආවරණය වන පරිදි ලබා ගන්නා අතර ඒ සඳහා Nielsen වෙළඳ පර්යේෂණ ආයතනය මාස 5ක් වැය කරනවා.

ඒ අනුව විවිධ භාණ්ඩ හා සේවා සහ ආයතන අතරින් වැඩිම ආකර්ෂණයට ලක් වූ සිනමා සහ රූපවාහිනී තරු රැසක් සඳහාද SLIM – Nielsen ජනතා සම්මාන ඊයේ පිරිනැමුණා. සම්මාන උළෙලේ වඩාත් සුවිශේෂී කාරණය නම් පිට පිට වර්ෂ ගණනක් ලංකාවේ ජනප්‍රියම නලුවාට හිමි සම්මානය දිනා ගත් රන්ජන් රාමනායක හට මෙවර ජනප්‍රිය සම්මානය අහිමි වීමයි. එම සම්මානය මෙවර හිමි කර ගත්තේ හේමාල් රණසිංහ විසින්. ගිය වසරේ මේ දෙදෙනාම එම සම්මානයට හිමි සම සම්මාන හිමි කරගත්තා.

එමෙන්ම පසුගිය වසරවල සේම ලංකාවේ ජනප්‍රියම නිලිය සම්මානය මෙවරත් දිනා ගත්තේ නිලි රැජින මාලිනි ෆොන්සේකා විසින්. එමෙන්ම තාරුණ්‍යයේ ජනප්‍රියම නලුවා මෙන්ම නිලිය වුයේ හේමාල් සමඟින් පූජා උමාශංකර් ය.

ජනප්‍රියම ටෙලිනාට්‍ය නලුවා සහ නිලිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ පෙර වසරවල සේම සාරංග දිසාසේකර සමඟින් නයනතාරා වික්‍රමාරච්චි. එමෙන්ම වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය වූයේ ‘දෙවෙනි ඉනිම’ යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *