මේ මස අගදී ‘ජය ශ්‍රී ඇමතිතුමා’ තිරයට එන බව හෙලවුඩ් POPCORN අපට ආරංචි වුනා. ඒ අනුව මාර්තු මාසය තුල CEL මණ්ඩලයේ සිනමා ශාලා වලට ජයශ්‍රී ඇමතිතුමා පැමිණීමට නියමිතයි.
‘ජයශ්‍රී ඇමතිතුමා’ නිශාන්ත වීරසිංහ ගේ අධ්‍යක්ෂණයක්. ජනිත ෆිල්ම්ස් වෙනුවෙන් ජනිත මාරසිංහගේ 5 වන සිනමා නිෂ්පාදනය වන්නේ ජයශ්‍රී ඇමැතිතුමාය.
ශ්‍රියන්ත මෙන්ඩිස් , ටෙනිසන් කුරේ , කුසුම් රේණු ආදී ප්‍රවීණ නලු නිලියන් රාශියක් ජයශ්‍රී ඇමතිතුමා වෙනුවෙන් රංගන දායකත්වය දක්වනවා.
පූර්ව ප්‍රචාරක පටය පහතින්.