කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල ‘අද’ සිට

‘ඇගේ ඇසින් ලෝකය දකිමු’ යන තේමාවෙන් COLOMBO INTERNATIONAL WOMEN’S FILM FESTIVAL හෙවත් කොළඹ අන්තර්ජාතික කාන්තා චිත්‍රපට උළෙල අද සිට ලබන මාර්තු 7 වනදා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතයි. ලබන 7 වනදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාව ඇතුලුව ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය , ඇමරිකානු සංස්කෘතික මධ්‍යස්ථානය හා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය යන සංස්කෘතික මධ්‍යස්ථාන වලදී මෙම උළෙල පැවැත්වේ.

මෙහි සමාරම්භය අද සවස 6.30 ට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ස්ලෝවැකියානු චිත්‍රපටයක් වන ‘Little Harbour’ ප්‍රදර්ශනය වේ.

මෙම උළෙලේ විශේෂත්වය වන්නේ උළෙලේ ප්‍රදර්ශනයට නියමිත සියලුම චිත්‍රපට කාන්තාවන් විසින් අධ්‍යක්ෂණය කොට තිබීමයි. අද දිනයේ උළෙලේ සමාරම්භයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වන්නේ අපේ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මැතිණියයි.

උළෙලේ සියලුම දර්ශන සවස 3.30 , 6.15 සහ රාත්‍රී 9.00 වශයෙනි. වාර්තා චිත්‍රපට , වෘතාන්ත චිත්‍රපට , කෙටි චිත්‍රපට එම කාලවල් වලදී ප්‍රදර්ශනය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *