ලොව අද වන විට ප්‍රකටම අන්තර්ජාල විනෝද සේවා සපයන NETFLIX විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වන ‘ROMA’ වෙත හොඳම විදේශ භාෂිත චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය ලැබී තිබෙනවා. එහි අධ්‍යක්ෂවරයා වන්නේ Alfonso Cuarón.
මෙය මෙක්සිකානු චිත්‍රපටයක්. මීට පෙර නව වතාවක් මෙක්සිකානු චිත්‍රපට ඔස්කාර් සම්මාන වෙත නිර්දේශ වී තිබෙන අතර මෙක්සිකානු චිත්‍රපටයක් විදේශ භාෂිත චිත්‍රපටයට හිමි හොඳම සම්මානය දිනා ගන්නා පළමු වතාවද වනවා. එමෙන්ම මෙම චිත්‍රපටය කළු සුදු චිත්‍රපටයක්.
ඔස්කාර් සම්මාන උළෙල තුල හොඳම චිත්‍රපටයක් සඳහා නාම යෝජනා වන පළමුවන NETFLIX චිත්‍රපටය වන්නේද ‘ROMA’ යි.