එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ බිහිවූ අග්‍රගන්‍ය කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මෑතකදී ජපන් රජයේ ගරු බුහුනට පාත්‍ර වූ බව හෙලවුඩ් POPCORN අපිට දැනගන්නට ලැබුණි. කොළඹ ජපන් තානාපති නිල නිවසේදී පැවැත්වු උත්සවයකදී ජපන් තානාපති අකිරා සුගයාමා මහතා අතින් මෙකී බුහුමන් ඈ ලබා ඇත. කලා සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ සුමිත්‍රා පීරිස් මෙහෙවර අගයනු වස් මෙම සම්මානය පුදකර ඇත.
සුමිත්‍රා පීරිස් යනු ශ්‍රී ලාංකේය සිනමාවේ මුල්ම සිනමා අධ්‍යක්ෂිකාව වේ. හෙළ සිනමාවේ පියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා හා ජීවන සහකාරිය වන ඇය සිනමාවේ පමණක් නොව රට නියෝජනය කරමින් විවිධ රාජ්‍ය තනතුරු පවා දැරූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා කාන්තාවකි.
හෙළවුඩ් Popcorn අපි අපේ සුභාශිංසන ඇයට පුදන්නෙමු.