‘How I see Iran Cinema’ ඉංග්‍රීසි රචනා තරඟය දැන් විවෘතයි

කොළඹ පිහිටි ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් විවෘත කරන ලද රචනා තරඟයක් ගැන තොරතුරක් හෙළවුඩ් POPCORN අපට දැනගන්නට ලැබුනා. ඒ ‘මා ඉරාන සිනමාව දකින්නේ කෙසේද?’ ( How I see Iran Cinema?) යන තේමාවෙන්. රචනා තරඟය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන එකක්. තරඟයට සහභාගී වීම සඳහා විශේෂ සුදුසුකමක් ඔවුන් දක්වා නැහැ.

ඔබ තරඟයට එක්වනවානම් ඔබේ රචනාව A4 ප්‍රමාණයේ පිටු 3කට තිබිය යුතු වන අතර ඒ ප්‍රමාණය ඔබ නොඉක්මවිය යුතුය. එමෙන්ම TIMES NEW ROMAN ෆොන්ට් ප්‍රමාණ 12න් ඔබේ රචනාව යතුරු ලියනය කර තිබිය යුතුය.

සියලු රචනා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් නිරීක්ෂණය වන අතර ජයග්‍රාහකයන් ගැන අවසානාත්මක තීරණය ඉරාන් සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ගනු ඇත.

ජයග්‍රහණය කරන ප්‍රථමයාට ස්වර්ණ ඇගයීමක් සමඟ රු. 10,000 ක මුදල් ත්‍යාගයක් හිමිවේ. අනෙකුත් ජයග්‍රාහකයන්ටද ඇගයීම් සහ සහතික පත් හිමිවේ. රචනා එවිය හැකි අවසාන දිනය 2019 මාර්තු 5 දක්වා පමණයි.

සියලු රචනා එවිය යුත්තේ Iran Cultural Center – Colombo , No: 06, Sir Ernest de Silva Mw. Colombo 07 යන ලිපිනයටයි. වැඩි විස්තර සඳහා colombo.icro@gmail.com හෝ 0112575680-81 අමතන්න. තවත් විස්තර සඳහා http://en.colombo.icro.ir/index.aspx?fkeyid=&siteid=213&pageid=3461 වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *