මෝහන් ලාල් ‘පද්ම භූෂන්’ ලබයි

කේරලය පදනම් කොට ගත් මලයාලම් සිනමාවේ දැවැන්ත නලුවෙකු වන මෝහන්ලාල් හට ඉන්දියාවේ පුරවැසියෙකුට ලැබිය හැකි 3 වැනි ඉහළම සම්මානය ලැබී තිබෙනවා. ඒ ‘පද්මභූෂන්’ සම්මානයයි. මෙම සම්මානය ලබා දීම සඳහා හේතුව වී ඇත්තේ දශක 4ක් පුරාවට ඔහු ඉන්දීය සිනමාවට කරන ලද විශිෂ්ට සේවයයි. එම දශක 4 පුරාවට චිත්‍රපට 300 කට වඩා රංගනයෙන් දායක වී තිබූ අතර මලයාලම් භාෂාවට අමතරව කණ්නඩ , තෙලිඟු , දෙමල හා හින්දි සිනමාපට සඳහා ඔහුගේ දායකත්වය ලැබී තිබෙනවා. ඔහුගේ FACEBOOK ගිණුමේ සංවේදී සටහනක් තබමින් ඔහු පවසා තිබුනේ පසුගිය දශක 4 පුරාවට තමාගේ පසුපස සිට තමාගේ සිනමා ගමනේ පාර්ශව කරුවන් වූ සැමටම තම ආදර භක්තිය පුද කරන බවයි.

අලුත් චිත්‍රපටයකට මේ දිනවල වෙහෙස වන මෝහන්ලාල් පුණ්‍ය කටයුතු වලට දායක වීමටද වැඩි කාලයක් ගත කරනවා.

ධර්මයුද්ධය චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී රඟපෑ පියාගේ චරිතය එහි මලයාලම් චිත්‍රපටයේ (Drishyam) රඟපෑවේ මෝහන්ලාල් ය. ඒ ඔහු රඟපෑ විශිෂ්ට චරිත වලින් එකක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *