දර්ශන රුවන් දිසානායක යනු අපිට සිටින ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවේදියෙකි. සැමවිටම සංගීතයේ නව ඉසව් ගවේෂණය කරමින් ස්වකීය නිර්මාණ රසික කැල වෙත ප්රදානය කිරීමට ඇප කැප වී සිටින්නෙකි. ඔහුගේ සත්සර භාව නිරූපණය යනු ලාංකේය සංගීතයේ අලුත් කඩ ඉමක් සොයා යෑමකි. එවන් හැකියාවන්ගෙන් පරිපූර්ණ දර්ශන තවත් අපූරු වැඩකට අතගසා ඇතිබව හෙළවුඩ් Popcorn අපිට දැන්ගන්නට ලැබුණි.
මේ අලුත් කර්තව්‍ය නම් සංගීත අධ්යක්ෂ දර්ශන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට යන ප්රවෘත්තියයි. “ගොවි තාත්තා” දර්ශනගේ මේ නවමු චිත්‍රපට අත්දැකීමයි. එසේම ලාංකේය සංගීතවේදියෙකුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. ඉපැරණි පරිසර හිතවාදී ක්‍රමවේදයෙන් මුලුමණින්ම ඉවත් වෙමින් පරිවර්තනය වූ රසායනික පොහොර භාවිතය හා බැඳුණු නූතන කෘෂිකාර්මික යුගයේදී ගොවියා සහ මිනිසා මුහුණ දෙන ජීවන ඛේදවාචකය අලලා නිර්මාණය වන ලොව ප්‍රථම සිනමා සිත්තම ලෙසින් “ගොවි තාත්තා” ඉතිහාසයට එක්වේ.
“ගොවි තාත්තා” සිනමා පටයේ මුහුරත් උළෙල ජනවාරි මස 31 වනදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වෙන අතර දර්ශන ඇතුළු එහි නිෂ්පාදක කණ්ඩායමට හෙළවුඩ් Popcorn අපගේ සුභාසිංශන පිරිනමමු.
