FUFFAD JI | පන්ජාබි චිත්‍රපටිය | ප්‍රථම රූපවාහිනී දිගහැරුම

  ෆෆ්ෆඩ් ජී දැන් පියෝ ටීවී වෙතින්

කවදත් විවිධ සිනමා රස ඔබට තිලිණ කරන පියෝ ටීවී මෙවර ඔබට ගෙන එන්නේ වෙනමම සිනමා රසයක්. ඒ ‘ෆෆ්ෆඩ් ජී’ පන්ජාබ් චිත්‍රපටය. විවාහයක් ගැන කතන්දරයක් වටා ගෙතෙන අපූරු හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් තමයි මේ ‘ෆෆ්ෆඩ් ජී’.

පන්කජ් බත්‍රා අධ්‍යක්ෂණය කරන මෙහි චරිත නිරූපණය කරන්නේ බින්නු ඩිලන්, ගුර්නාම් බුලාර් සමඟින් ජස්මින් බජ්වා.

මේ රසවත් කතාව ගෙතෙන්නේ දැඩි ගතිගුණ ඇති අර්ජාන් සිං වටා. සිය පවුල ඒකාධිපතියෙකු ලෙස පාලනය කරන අර්ජාන් සිය ඥාති දියණියක වන පාලිට විවාහයට සුදුසු සහකරුවෙකු සොයමින් සිටිනවා. අර්ජාන්ගේ පියා තම මිතුරෙකුගේ මාර්ගයෙන් පාලිට සහකරුවෙක් සොයා දෙන අතර අර්ජාන් ඔහුව නොදැකම තම අනුමැතිය ලබා දෙනවා. විවාහය දවසේ අර්ජාන් දකින්නේ මනාලයා වී පැමිණෙන තම පරම හතුරෙකු වන චාන්. පවුලට එකතු වන චාන් අර්ජාන් සමඟින් කෙසේ නම් එක නිවසේ වසයිද ?

හාස්‍ය මුසු ගැටුම් සහිත ‘ෆෆ්ෆඩ් ජී’ සී ස්ටුඩියෝස් ඉදිරිපත් කිරීමක්. පැය එකයි මිනිත්තු පනස් හතරක් පුරා දිව යන මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සමීප වෙන්නේ පියෝ ටීවී ඔස්සේ.

නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ටිකේ පියෝ ටීවී සහ පියෝ ටීවී ගෝ වෙතින් ‘ෆෆ්ෆඩ් ජී’ ප්‍රමාද නොකර නරඹන්න.

Home Menu > Movies > Premiere හෝ Home Menu > Movies > HD Collection
හරහා පිවිස පැය 48ක් දක්වා චිත්‍රපටය රසවිඳින්න 

   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *