‘වර්ණයේ අවර්ණිත සීමාව’ සංඝටන….

ශ්‍රී ලාංකීය සිනමාවට පිදෙන නවතම සිනමා නිර්මාණය “සංඝටන”. මෙය මනෝ විශ්ලේෂණීය පර්යේෂණාත්මක (“Psychoanalytic Experimental Cinema”) වර්ගයේ කලා සිනමා නිර්මාණයක් වන අතර මෙහි අධ්‍යක්ෂවරයා තරුණ අධ්‍යක්ෂ තරිදු බණ්ඩාර වන අතර, මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයා ලෙස දනුෂ්ක එරන්ද තරුණ නිෂ්පාදකවරයා කටයුතු කරයි. මෙය ජාත්‍යන්තර සිනමාව අරමුණු කරගෙන සිදුරකරන සිනමාපටයක් වන අතර සිංහල ඉංග්‍රීසි සහ දමිල භාෂා වලින් නිර්මාණය කිරීමට තීරණය කර ඇත. මෙහි මුහුරත් උළෙල උත්කර්ෂවත් අන්දමින් පසුගිය නොවැම්බර් මස 27වන දින ගොඩගම රීච් හෝටල් පරිශ්‍රයෙ දී් පැවැත්විණි.

විශේෂ කරුණක් වන්නේ ක්ශේත්‍රයේ දැවන්තයන්ගේ දරුවන් බොහෝමයක් තරුණ නිර්මාණකරුවන් ලෙස මෙම චිත්‍රපටය ට දායක වී ඇති අතර. සංඝටන චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම 90ක්ම තරුණ නිර්මාණකරුවන්ගෙන් සම්න්විතයි. මෙම චිත්‍රපටය D & T Phoenix Entertainment (Pvt) Ltd ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

සංඝටන චිත්‍රපටය සඳහා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අමා විජේසේකර, චමත්කා ලක්මිණී, ධනුෂ්ක එරන්ද, මනෝජා ෆර්නැන්ඩෝ, ධනුෂ්ක ඩයස්, පහන්දි නෙතාරා, සුගත් ජානක, ධනංජය ලක්ෂිත වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා. සියලුම චරිත සහ නිෂ්පාදන කාර්‍යමණ්ඩලය සඳහා ක්ෂේත්‍රයේ පළපුරුදු සහ දක්ෂ ශිල්පීන් සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව මෙම කර්මාන්තයට පැමිණීමට මැළිකමක් සහ බියක් දක්වන මොහොතක, මෙවැනි අභියෝගාත්මක කාලවකවානුවක් තුළදී චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කිරීමේ අරමුණ වන්නේ, සිනමා ක්ශේත්‍රය තුළ තරුණ නියෝජනයේ ඇති අඩුබව සහ සිනමා කර්මාන්තය ඉදිරියට ගෙනයාම සඳහා තරුණයන් විදියට යම් දායකත්වය ලබා දීම සඳහායි. යම් දිනක ජ්‍යේෂ්ඨ නිර්මණකරුවන් මෙම කර්මාන්තයෙන් ඉවත් වූ කාලෙක මෙම කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට මෙම තරුණයන් පිරිස අද සිදුකරන කාර්‍යයන් බලපානු ඇත.

සංඝටන හෙළවුඩයට දායක කරන මෙම තරුණ නිර්මාණකරුවන්ට තව තවත් චිත්‍රපට මගින් අප හෙළවුඩය බබලවන්නට, තවත් තාරකාවන් බිහිකරන්නට ශක්තිය ලැබේවා කියා චරණ TV හෙළවුඩ් සතියේ සිනමාව තුළින් අපි සුභ පතමු.

කතාව සහ අධ්‍යක්ෂණය
තරිඳු බණ්ඩාර

නිෂ්පාදනය
දනුෂ්ක එරන්ද

සහය අධ්‍යක්ෂණය
චමත් ප්‍රියදේව
කේ එම් සමීර මදුශාන්

සංගීත අධ්‍යක්ෂණය
ඉඳුවර සූරියබණ්ඩාර

නම සහ නමේ තේමාව
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

තිරරචනය
ශෂී දොන්පාවුළු

කළා අධ්‍යක්ෂක
රොෂාන් වර්ණකුලසූරිය

සම-නිෂ්පාදනය
ඉසුරු ඕෂධ

නිෂ්පාදන කළමනාකරණය සහ ප්‍රචාරණය
නිපුණ සූරියඅරච්චි

සම්බන්ධීකාරක සහ සම-නිෂ්පාදන කළමනාකරණය
කෙවින් ඒ ජේ

නිෂ්පාදන සහය
දිල්ෂි ලක්ණිකා
ලෂිණි හේවගේ
ශෂිනි හර්ශිකා
තක්ෂිලා මල්ශානි

කැමරා අධ්‍යක්ෂණය
ජනිත් ගුණසේකර

සංස්කරණය
ප්‍රභාත් මංජු

වර්ණ සං‍යෝජක
ආනන්ද බණ්ඩාර

සිතුවම් නිර්මාණය
වාසනා සඳමාලි
රවිඳු සී චතුරංග

නිල ඡායාරූපකරණය
භාග්‍ය සේනානායක

ඇඳුම් ණිර්මාණය
ප්‍රියාන් අනුර ශ්‍රී

වේශ නිරූපණය
රන්දික සුමනපාල

ගායනය
ඇමීලියා විජේසූරිය
ශයිනි ෆර්නෑන්ඩෝ

ගී පද රචනය
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
චතුර වික්‍රමගේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *