මාරක සිපගැනීම, “Lethal Bite” කෙටි චිත්‍රපටය

හිලූෂ හේවාගම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ උපාධිදාරියෙකි. ඔහු දැනට කෙටි චිත්‍රපට 10 පමණ නිර්මාණය කර ඇත. ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය 2014 නිපදවූ Mutant කෙටි චිත්‍රපටයයි. The day (2015) ඔහුගේ දෙවන කෙටි චිත්‍රපටය, ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශය සදහා නිර්දේශ විය. ඒ වගේම ලංකාවේ Agenda 14 උළෙලේදී ද එය සම්මානයට ප්‍රාප්ත විය. 2017 වසරේ නිර්මාණ කළ 12:21:21 කෙටි චිත්‍රපටය සදහා හොදම සංස්කරණයට හිමි සම්මානය, ඉන්දියානු චිත්‍රපට උලලෙකින් ලබාගෙන ඇත. මිට අමතරව දේශිය හා විදේශිය උලෙළවල් රාශියකින් සම්මානයට හා හොදම චිත්‍රපට සදහා හිලූෂගේ සිනමා නිර්මාණ නිර්දේශයට ප්‍රාප්ත වී තිබේ. 

ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය Lethal Bite, 2021 නොවැම්බර 1 වන දින  Wize Tv යූටුබ් චැනලය හරහා නිකුත් විය. Lethal Bite කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ Wize TV productions. නිර්මාණය සදහා තිලන්ක ප්‍රනාන්දු සහ සවින්දී මාපලගම නිශ්පාදන සහය ලබා දී ඇත.

මේ කෙටි චිත්‍රපටයේ කතා සංකල්පය වන්නේ, ශ්‍රී ලංකාවේ 2029 දී, කොරොනා යුගයට පසුව ඇතිවෙන භයානක වෙනත් රෝග තත්වයක් පිලිබදවයි. මුලු චිත්‍රපටයටම පදනම වෙන්නෙ ශ්‍රී ලංකාවේ විෂ සහිත ආහාර ප්‍රශ්නයයි. දැනටමත් ලංකාව ලෝකයේ විෂ සහිත ආහාර ගන්නා රටවල් අතර ප්‍රමුඛස්ථානය ලබාගෙන තිබේ.

මේ නිර්මාණයේ තවත් විශේෂත්වයක් වන්නේ, මේ කෙටි චිත්‍රපටයට රංගනය යෙදන එක් රංගන ශිල්පියෙකු හැර අන් සියලු දෙනා රංගන හැදැරූ හෝ රංගන ශේස්ත්‍රයේ සිටින අය නොවිමයි.

චිත්‍රපටයේ ප්‍රදාන රංගන ශිල්පී ලෙස රියෝ හෙරා, තවීෂි ඇල්ලෙපොල, රසංගි රත්නායක,ප්‍රමෝද් සසලංක දායක වේ.

හිලූෂ හේවාගම නම් තරුණ නිර්මාණකරුවා ඇතුළු පිරිසට චරණ හෙළවුඩ් සතියේ සිනමාව හරහා අප සුභ පැතුම් එක් කරන අතර  නුදුරේදීම  හිලූෂ හේවාගම සමග Cinema Talkies කතාබහකට ඇරයුම් කර සිටිනවා.

Crew/Cast

Ryo Hera 

Thaweeshi Ellepola 

Rasangi Rathnayaka 

Pramod Sasalanka

Apsara Amarasinghe 

Delain Leeniyagoda 

Devmini Serasinghe 

Kavin De Silva 

Nadeeshani Perera 

Harin Croospulle 

Thilanka Fernando 

Tharindu Sanjaya

Written and Directed By – Hilusha Hewagama 

producer – Thilanka Fernando / Sawindi Mapalagama 

Director of Photography- Dinusha Chamikara 

Editor – Hilusha Hewagama

Sound effects Mixing and Visual Effects – Dinusha Chamikara 

Hair and Make up – Nadeeshani Perera 

Production Manager – Ryo Hera / Roshell Daniel 

Lighting – Shalika  Fernando 

Voice Narration – Kumarini Munirathna

Special Thanks

Chavinda Dharmawardhana 

Yasas Ranasinghe 

Kavin De Silva 

Shalika Fernando

Varanga De silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *