ජපානයේ 34 වැනි ටෝකියෝ සිනමා උළෙලට යන “ආසු”

ජපානයේ පැවැත්වෙන 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අශෝක හඳගම සහ සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කළ සිනමා කෘති දෙක තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ “ඇල්බොරාදා” (The Dawning of the Day) චිත්‍රපටය සහ ආසියානු තරගකාරි අංශයේ සිනමා කෘති අතරට සංජීව පුෂ්ප කුමාර අධ්‍යක්ෂණය කළ “ආසු” (Asu) චිත්‍රපටය තෝරාගෙන ඇති බව පසුගියදා ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.


තම දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින නෙළුම් සය මස් ගැබිණියකි. ඇය සිය තිස් පස් හැවිරිදි සංගීතඥයකු වන සැමියා සහ තුන් හැවිරිදි දියණිය සමග ඉහළ පාන්තික දිවියක් ගෙවයි. නෙළුම්ට අවසන් අදිරය දක්වා වර්ධනය වූ පිළිකාවක් ඇති බව දැනගත් විට ඔවුන්ගේ ප්‍රීතිමත් පවුල කම්පනයට පත් වේ. නූපන් දරුවාගේ ජීවිතය අනතුරේ හෙළීමට අකමැති වන නෙළුම් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර පිළිකාවට එරෙහිව සටන් කිරීමට තීරණය කරයි. ඇගේ මෙම තීරණය වෛද්‍යවරුන් උභතෝකෝටිකයට පත් කරන අතර නූපන් දරුවාට වඩා තම ආදරණීය බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට තීරණය කරන සැමියාගේ බලාපොරොත්තු සුන් කරයි.

මේ සිදුවීම් තුලින් ගලායන කතා පුවතක් ආසු ට වස්තු විෂය වී තිබේ.

ආසු චිත්‍රපටයේ චරිත මවන්නේ උදාරි වර්ණකුලසූරිය,දාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුන්චිහේවා,චාන්දනි සෙනවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසුරිය.

ආසු නිෂ්පාදනය: සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර. තිර රචනය: සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී ගොඩගම. සහයෝගිතා නිෂ්පාදනය: රේණුකා බාලසුරිය සහ සුරංග හඳපාන්ගොඩ. කැමරාකරණය: විශ්වා බාලසුරිය. සංස්කරණය: අජිත් රාමනායක. වේශ නිරූපණය: නාරද ධනංජි තොටගමුව. ශබ්ද පරිපාලනය:අරුණ ප්‍රියන්ත කළුආරච්චි. සංගීත අධ්‍යක්ෂණය: අජිත් කුමාරසිරි සහ නාමිණි පංචලා. ඇඳුම් නිර්මාණය: අජන්ත අලහකෝන්. සහාය ඇඳුම් නිර්මාණය: ගීතානි සෙනෙවිරත්න. කලා අධ්‍යක්ෂණය: පුර්ණ ජයශ්‍රී. සහාය කලා අධ්‍යක්ෂණය: දුලිප් ප්‍රසන්න, වර්ණ සංකලනය: ආනන්ද බණ්ඩාර. සහාය අධ්‍යක්ෂණය: නිරෝෂන් එදිරිමාන්න. පළමු සහාය අධ්‍යක්ෂණය: ඉඳුනිල් දැරණියගල. නිෂ්පාදන කළමණාකරණය: හැරල්ඩ් කරුණතිලක. නිශ්චල ජායාරූප: ගයාන් රුක්ෂාන්. කැමරා උපකරණ: සුරන් බෝපිටිය, අලෝක උපකරණ FEG, පසු-නිෂ්පාදන කටයුතු TVT. VFX නිෂ්පාදනය රසිත ජිනසේන (Sky Colombo), VFX Studios: Sky Colombo ( දුලංක දේවේන්ද්‍ර, සජීව් කන්දසාමි, ඉනුර උපශාන් ), Future Media ( හින්දොල් විජේරත්න සහ ඩිලාන් පානදුර), Milgra (නිලංග ෆොන්සේකා සහ ප්‍රදීප් එදිරිසිංහ).

එමෙන්ම අධ්‍යක්ෂ සංජිව පුෂ්පකුමාර කියා සිටියේ ආසු සිනමාපටය වෙනුවෙන් සුවිශේෂී නිර්මාණ මෙහෙයක් කළ හරේන්ද්‍ර දසනායක සොහොයුරාට,දෘෂ්‍ය කලා ශිල්පීන් වන චම්මික ජයවර්ධන සහ සජීවනී හේවාවිතාරණ, වෛද්‍යය නෙඹමාල් පෙරේරා සහ නිශානි ප්‍රනාන්දු “ආසු” පෝස්ටර් නිර්මාණය දුලන්ක දේවේන්ද්‍ර යන අයට ස්තුතිය පළ කරන බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *