අපේ හෙළවුඩ් නිළියෝ

“සිනමාවේ ගැහැණිය” – ස්වර්ණා මල්ලවආරච්චි

ඇය සැබවින්ම රූමතියක් නොවේද!

හන්තානේ කතාව, සත් සමුදුර ,සුද්දිලාගේ කතාව ,අනන්ත රාත්‍රිය,දඩයම ,කැඩපතක ඡායා ,බව දුක,බව කර්ම,ඇගේ ඇස අග,හංස විලක් ,සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා,මීහරකා,වැනි කලාත්මක චිත්‍රපට වල ත්,අංජානා ,සමනල සිහින,වැනි ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට වල ත් උපරිම රංගනයන් එලිදැක්වූ හෙළ සිනමාවේ සදාතනික මතක රැඳවූ රංගන ශිල්පිනියක් .හොඳම නිළිය සම්මානය වැඩිම වාර ගණනක් දිනූ ස්වර්ණා මල්ලවාආරච්චි. සටහන : කපිල ගාමිණී ජයසිංහ

සිංහල සිනමාවේ “සූකිරි කෙල්ල”

“සුකිරි කෙල්ල” නැතහොත් “සුවීට් ගර්ල්” ලෙසින් සිනමාවේ විරුදාවලි ලැබු සුමනා, ස්වර්ණමය සිනමාවේ මුල් පෙළ නිළියක් වීමේ භාග්‍ය ලැබු කිහිපදෙනාගෙන් අයෙකි. නිළි රැජින මාලනී සිනමාවේ රැජින ලෙසින් අභිසෙස් ලබද්දී සුමනා සිනමාවේ අග රැජින ලෙස විරාජමාන වුයේ ඇය රංගනයෙන් දායක වු සෑම ච්ත්‍රපටයක් පාහේම බොක්ස් ඔෆිස් හි අති සාර්ථකත්වයට පත් වීමයි. ස්වර්ණම යුගයේදී සුමනා අමරසිංහ වාණිජ සිංහල සිනමාවේ ජනප්‍රියම නිළි සළකුණ විය.

පංචකල්‍යණියක් ලෙස අභිසෙස් ලබා සිනමාවට පිවිසුනු සුමනා පළමු වරට රිදී තිරයේ පෙනී සිටියේ “පිපෙන කුමුදු” ච්ත්‍රපටය හරහාය. එහිදි ඇය රුක්මණී දේවි සහ රූබි ද මෙල් යන රංගවේදිණියන් සමඟ රංගනයේ යෙදුණි. භාරත නිළියකට සමාන වු සුමනාගේ හැඩරුව එම යුගයේ බොහෝ දෙනාගේ අවදානය තමා වෙත ළඟාකර කරගැනිමට උපකාරී විය. බටහිර පන්නයේ තරුණියක ලෙස ඇය සිනමාවේ පණ පෙවු චරිත තුළ ඇයගේ කොණ්ඩා විලාසිතා සහ ඇඳුම් ආයිත්තම් බොහෝ ආකර්ෂණීය වු අතර එම යුගයේ තරුණියන්ගේ නිරූපක රැජින වන්නටද සුමනාට හැකි විය. සුමනා අමරසිංහයන් ඇයටම ආවේණික වු රංග ශෛලයක් ගොඩනඟා ගත් රංගවේදිණියක් වන අතර ඇයගේ ස්ථානිය ප්‍රහසන හැකියාව එම යුගයේ අනෙකුත් සමකාලීන නිළියන්ගෙන් ඇයව විශේෂ කරලීමට සමත් විය. ඇය පසුකාලීනව සිංහල සිනමාවේ උන්නතිය උදෙසා උසස් සේවයක නිරත වුවත්, සුමනා කිසිවිටෙකත් පුංචි තිරයට පා නොතැබිම විශේෂත්වයකි.

රිදී තිරයේ හුරුබුහුටි කෙල්ල


ගීතා කුමාරසිංහ යනු හෙළ සිනමාවේ සුන්දරත්වයේ තවත් අපූරු සංකේතයක් බව නොරහසකි. ඇය ප්‍රමුඛ නිළියක් ලෙසින් හෙළ සිනමා තිරය ආකර්ෂණීය ලෙස පාලනය කළ අතර, කාලානුරූපී සුන්දරත්වය ඇය තිරය මත රඟපෑ චරිත ගණනාවකින් ඇගේ රසිකයන් මවිතයට පත් කළාය.
විටෙක දඟකාර කටකාර යුවතියක් ලෙසත්, තවත් විටෙක අහිංසක බොළඳ යුවතියක් ලෙසත් අපූරු චරිත නිරූපණය කල ගීතා කුමාරසිංහයන්, හෙළ සිනමාවේ කලා සහ වාණිජ යන අංශ ද්විත්වයම යහමින් ස්පර්ශ කල නිළියන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. දුටුවන් නෙත් පැහැරන රූපශ්‍රීයට ඇය තම රංග කුසලතාවන් මුසු කිරීම නිසා ඇයගේ ච්ත්‍රපට චරිත නිරූපණ බොහෝ සිනමා විචාරකයන්ගේ මෙන්ම රසික ප්‍රජාවගේද පැසසුමට ලක් විය. සිංහල සිනමාවේ මෙතෙක් බිහිවූ ප්‍රභළ සුන්දරතම නිළියක් ලෙස ඇය සැමදා විරාජමාන වනු ඇත.

රිදී තිරයේ හංස රාජිණිය

අනෝජාවන් සිංහල සිනමාවට පිවිසියේ ‘ටක් ට්ක් ටුක්’ (1979) ච්ත්‍රපටයේ සහය චරිතයක් නිරූපණය කිරිමෙනි. ඇයව පළමුවරට තිරය මත දුටු සැවොම ඇය කෙදිනකවත් සිනමාවේ දිගු ගමනක් යයි කියා සිතුවේ නැත. ඇගේ සමකාලීන නිළියන් හා සසඳන විට ඇයට තිබුනේ අඳුරු සමක් සහිත දකුණු ඉන්දීය පෙනුමක් නිසා ඇය බොහෝ විට ච්ත්‍රපට වල සහය නිළි චරිත සඳහා එම යුගයේ යොදා ගැනීම සිදුවිය. කැත තාරාවියක් ලෙස සිය සිනමා ගමන ඇරැඹු අනෝජාවන්, කෙමෙන් හංස රාජිණියක් බවට පරිවර්තනය වුයේ සැවොම මවිතයට පත් කරමිනි.

ලාංකීය සිනමාවේ රංගනය පිළිබඳව මැනවින් හැදෑරූ එකම නිළිය අනෝජා වීරසිංහයන් වේ. ච්ත්‍රපට තුල ඇයගේ භාවපුර්ණ හැඟීම් ප්‍රකාශන බොහෝ විට ප්‍රභළ විය. රිදී තිරයේ කෙළිලොල් දඟකාර යුවතියක් ලෙසත් විටෙක අහිංසක ගැමි යුවතියක් ලෙසත් තවත් විටෙක බටහිර පන්නයේ යුවතියක් ලෙසත් සිනමාවේ ඇය මැවු චරිත බොහෝය. අහිංසකත්වය, දඟකාර බව මෙන්ම දුෂ්ට බවද එක සමානව තිරයේ රංගනය කිරිමට ඇය බොහෝ දක්ෂය. තමාට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කිරීමට ඇය කිසිවිටෙකත් මැළි නොවිය. ප්‍රදාන නිළියක සහ සහය නිළියක ලෙසත් සිනමාවේ ජනප්‍රිය ච්ත්‍රපට තුළ රංගනයේ යෙදුණු අනෝජාවන් බොහෝ සම්මාන වලටද පාත්‍ර විය. එකල සිනමාකරුවන්ට කාන්තා කේන්ද්‍රය ච්ත්‍රපටයක් කිරිම සඳහා ප්‍රමුඛ නිළියන් ලෙස යොදා ගැනීමට සිටියේ ස්වර්ණා මල්ලවආරච්චි සහ මාලිනි ෆොන්සේකා රංගවේදිණියන් පමණි. කෙමෙන් අනෝජා වීරසිංහයන්ගේ දක්ෂතා විදහා දැක්වීමත් සමඟම ඇයත් එම නිළි ගොන්නට ඇතුළත් විය. ඇත්තෙන්ම අනෝජා වීරසිංහයන් යනු මෙරට සිනමාවේ බිහිවූ විශිෂ්ටතම රංගවේදිණියක් වන අතර ඇය රංග පාසලක් වැනිය. මෙම සටහන එතුමිය උපහාරයක්ම වේවා! * සටහනේ වැරදි අඩුපාඩු ඇත්නම් සකසා දෙන් මෙන් ඉල්ලා සිටිමි.

රිදී තිරයේ මායාව

මෙම අපූරු කාන්තාව වර්තමානයේ රිදි තිරයේ දක්නට ලැබෙන්නේ අවම ලෙස ය. නමුත් සිංහල සිනමාවේ වඩාත්ම කැපී පෙනෙන නිළි ලැයිස්තුවේ ඇය තමාටම ස්ථානයක් නිර්මාණය කරගනු ලැබුවේ මීට දශක කිහිපයකට පෙරය. රිදී තිරයේ ඇය දීප්තිමත් තාරකාවක් බවට පත්ව ඇත්තේ ඇයගේ ආකර්ශනීය බව, මනරම් රංගනය, ඇයටම ආවේණික වු හැඟීම් ප්‍රකාශන, ඇයගේ දීප්තිමත් සිනහව සහ විචිත්‍රවත් හැසිරීම නිසා විය යුතුය. වසන්ති චතුරාණී යනු ලාංකීය සිනමාවේ බිහි වු විශිෂ්ටතම නිළි රැජිනක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිනමා රූ සේයා යන ෆේස්බුක් සමුහයට මෙම පින්තුර සමගින් සටහන ලියා තිබුණේ ශාක්‍ය ද සිල්වා වේ.

https://www.facebook.com/groups/518115192266604


Leave a Reply

Your email address will not be published. Required fields are marked *