ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ බඹරු ඇවිත් සිනමාපටය මෙවර කාන්ස් සිනමා උළෙලේ Cannes Classics ඛාණ්ඩය නියෝජනය කිරීමට තෝරාගෙන තිබෙනවා. මෙවර ලෝකයේ ප්‍රමුඛ සිනමා උළෙලවල් උත්සවශ්‍රියෙන් නොපැවැත්වෙන අතර කාන්ස් උළෙලද එසේ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් ලියොන් නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ‘ලුමියර්’ සිනමා උළෙල හා එක්ව තිබෙන අතර ඔක්තෝබර් 10 සිට 18 දක්වා එය අන්තර්ජාලය ඔස්සේ පවත්වන උළෙලක් ලෙස නම් වීමට නියමිතයි.

ඒ අනුව ලෝකයේ නම් දැරූ එමෙන්ම ඩිජිටල් ප්‍රතිසංස්කරණයට ලක් කළ චිත්‍රපට 25ක් Cannes Classics වෙත නම් කර තිබෙන අතර ෆෙඩ්රිකෝ ෆෙලිනි ගේ චිත්‍රපට 2ක් වොන් කාර් වයි ගේ In the Mood for Love අතරට බඹරු ඇවිත් ද එක්ව තිබෙනවා. චිත්‍රපටය 4k තාක්ෂණයට පරිවර්තනය කර කාන්ස් වෙත ඉදිරිපත් කරන්නේ සිංගප්පූරුවේ ආසියානු සිනමා සංරක්ෂණාගාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *