අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවයට

මෙරට කලාව සමඟ ගැඹුරු ලෙස බැඳී සිටි අර්නස්ට් පෝරුතොට පියතුමා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ උන්වහන්සේ 88 වියේ පසුවෙද්දී.

1957 දී පූජක වරය ලබාගත් උන්වහන්සේගේ ගම් පියස වූයේ මාරවිලයි. සිනමාවට විශේෂ ලැදියාවක් දැක්වූ උන්වහන්සේගේ සිනමා චාරිකාව 60 දශකය දක්වා දිව යන්නක්. චිත්‍රපට විචාරකයෙකු ලෙසද උන්වහන්සේ ප්‍රකටව සිටියා.

කතෝලික සිනමා පර්ෂදයේ ප්‍රබල සාමාජිකයෙකුද වන උන්වහන්සේ මෙරට ප්‍රකට OCIC සම්මාන උළෙලේ පළමු අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළා.

මේ වන විට බොරැල්ල රේමන්ඩ්ස් මල් ශාලාවේ දේහය තැන්පත් කර තිබෙනවා.

උන්වහන්සේ පතනා සුවයක් ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනාවයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *