සුපර්ණා අද සිට තිරයේ

සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ සුපර්ණා චිත්‍රපටය අද (14) සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වනවා. මිනිසා විසින් පරිසරයට එරෙහි කරන අපරාදයන්ට එරෙහි තේමාවක් ස්පර්ශ කර ඇති සුපර්ණා ආකර්ෂණීය කතාවක් අඩංගු චිත්‍රපටයක්.

දුලීකා මාරපන සුපර්ණා ප්‍රධාන චරිතය රඟදක්වන අතර අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සංජීව උපේන්ද්‍ර, දර්ශන් ධර්මරාජ් විල්සන් ගුණරත්න, කලණ ගුණසේකර ඇතුලු පිරිසක් සෙසු චරිත රඟ දක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *