‘Joker’ වකීන් ෆීනික්ස් BAFTA සම්මාන රාත්‍රියේ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය (සිංහලෙන්)

අද රාත්‍රියේ මෙහි පැමිණීමට ලැබීම මට මහත් ගෞරවයක් හා වරප්‍රසාදයක් ලෙස දැනෙනවා. BAFTA සැමවිටම මගේ වෘත්තිය ජීවිතයට විශාල සහයෝගයක් දැක්වුවා. ඒ පිළිබඳ බොහෝ ස්තූතිවන්ත වනවා. නමුත් මට ගැටලුකාරී බවක් දැනෙනවා, මොකද බොහොමයක් දක්ෂ සහෝදර රංගන ශිල්පීන්ට සමාන වරප්‍රසාද නොලැබෙන නිසා.මට හිතෙනවා අපි පැහැදිලි පණිවිඩයක් යවනවා අනෙකුත් ජාතීන් වල පුද්ගලයන්ට ඔවුන්ට මෙතන පිළිගැනීමක් නැහැ කියලා. එය තමා අප වාසි ලබාගන්නා මේ කලා මාධ්‍යට හා කර්මාන්තයට බොහෝමයක් දායක වන පුද්ගලයන්ට යවන පණිවිඩය.

මම හිතන්නේ නැහැ කාටවත් විශේෂ සැලකීම් අවශ්‍යයි කියලා. ඒ උනාට අප හැම අවුරුද්දකම ඒකම කලාට මං හිතන්නේ මිනිස්සුන්ට අවශ්‍ය තමන්ගේ කලා කෘතියට පිළිගැනීමක් හා ගෞරවයක් කියලයි.මේක මාවම හෙලාදැකීමක් නෙවෙයි. නමුත් මට කියන්න ලැජ්ජයි මමත් ප්‍රශ්නයේ කොටසක් බව මොකද මම මගේ උපරිම බලය භාවිතා කරලා නෑ මම වැඩකරන දර්ශන තල වල විවිධත්වය වැඩිකරන්න. නමුත් දර්ශන තල බහු සංස්කෘතික කරනවට වඩා අප මහන්සි විය යුතුයි පද්ධතිය තුල තියන වර්ගවාදය තේරුම් ගැනීමට. මොකද මම හිතනවා මෙම පීඩාකාරී පද්ධතියෙන් වාසි ලබාගන්නා පුද්ගලයින්ම මෙය නැතිකල යුතු බව.

ස්තූතියි…

පරිවර්තනය
-උදාර විකුම්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *