ජැක්සන් ඇන්තනි ගේ ‘එකගෙයි සොකරි’ සිංදු මංගල්ලේ… (Photos)

ජැක්සන් ඇන්තනි ගේ නවතම චිත්‍රපටය ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා සිදුවුණා. ඒ වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඌව වෙල්ලස්සේ ගම්මානයක් ආශ්‍රය කරගනිමින් ජැක්සන් ඇන්තනි එකගෙයි සොකරි තිර පිටපත රචනා කොට තිබෙනවා.

ඒ අනුව සිනමාපටය සඳහා ගීත අටක් ඇතුලත් වන අතර එම ගීත උත්සවශ්‍රීයෙන් එළිදැක්වුනා. ඊට සමගාමීව එකගෙයි සොකරි පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණු අතර ජැක්සන් ඇන්තනි ගේ YouTube නාලිකාවද එළිදැක්වුනා.

බොහෝ ගීත රචනා සොකරි පොත ආශ්‍රිතව නිර්මාණය කර තිබුණු අතර එක් ගීතයක් බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කොට තිබුණා.ඒවායේ සංගීත අධ්‍යක්ෂණය නව පරපුරේ දක්ෂ නිර්මාණ කරුවෙක් වන චින්තක ජයකොඩි විසිනි.

සජිත අනුත්තර, මාධවී වත්සලා, දිනූපා කෝදාගොඩ, ඩිලාන් කරුණාරත්න, හර්ෂන දිසානායක, චමිල මදුෂාන්, නදීමාල් පෙරේරා, එවන්ද විතානගේ සමඟින් දිල්මින් පෙරේරා මෙහි ගායනයට හවුල් වී තිබෙනවා.

‘එකගෙයි සොකරි’ ළඟදීම තිරයට පැමිණීමට නියමිතයි.


if ( function_exists( ‘envira_gallery’ ) ) { envira_gallery( ‘1988’ ); }

Leave a Reply

Your email address will not be published. Required fields are marked *