2020 එන ප්‍රසන්නගේ ‘ගාඩි’ කතාව හෙළිවෙයි

ගෞතම් භාස්කරන් news18.com වෙබ් අඩවියට ඔක්තෝබර් 11 දින ලියන ලද විචාරයක සංක්‍ෂිප්ත පරිවර්තනයක්.
පරිවර්තනය – උදාර විකුම්

ගාඩි :අනන්‍යතා අර්බුදය යටින් දිවෙන ආදර කතාව.

ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටය ගාඩි හි මංගල දර්ශනය 24 වන බූසාන් චිත්‍රපට උළෙලේදී පැවත්වුනා.1814 ශ්‍රී ලංකාව මනස්කාන්ත පරිසරය පසුබිම් කරගෙන මෙම චිත්‍රපටය දිග හැරෙයි.

කැමරා ශිල්පි Rajeev Ravi මෙම මනස්කාන්ත දර්ශනයන් සමඟ අපව අභිමානවත් සිංහල ප්‍රභූ වලව්වකට ගෙනයයි. එහිදී තමන්ට හා තමන්ගේ පවුලට සිදුවන විපත පිලිබඳව හාංකවිසියක්වත් නොදන්නා ‘ටිකිරි’ (දිනාරා පුංචිහේවා) සතුටින් ඔංචිල්ලාවක කාලය ගත කරයි.

දෙමළ සම්බවයකින් පැවත එන රජපවුලට එරෙහිව ප්‍රභූන් විසින් ගෙන යන බ්‍රිතාන්‍යයන් සමඟ ගෙන යන කැරැල්ල 1983 සිට ලංකාව මුහුණදුන් වාර්ගික අර්බුදයේ මූලබීජ වපුරයි.

විතානගේ මෙම ආදර කතාව තුල අහංකාරය,අනන්‍යතාව වැනි බොහෝ කරුනු සාකච්ඡා කරයි. ආසාර්ථක වුණු කැරැල්ලෙන් පසුව ටිකිරිව දඬුවමක් ලෙස රොඩී කුලයේ තරුණයෙකුට විවාහ කර දෙන අතර එහිදී ඇය ඔවුන්ගෙ දිවි පෙවෙතට හුරුවීමට ඇයගේ ඇති අකමැත්ත මෙහිදී පෙන්වයි.

මෙම චිත්‍රපටය ආගම හා කුලය නිසා වෙන්වුණු තරුණයෙකු හා තරුණියක තම අනන්‍යතාවය සොයා යන ගමන පෙන්වයි.

ඉතාමත් ඉහළ කලාත්මක චිත්‍රපටයක් වන මෙහි ප්‍රසන්න විතානගේ නිර්මාණකරුවා දිනාරා හා අනුත්තර දෙදෙනා ගෙන් උපරිමය ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *