මෙරට යුරෝපා සංගම් කාර්යාලය මගින් සංවිධානය කරන යුරෝපා සිනමා උළෙල හෙට සිට ආරම්භ වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.
18 සිට ලබන 21 දක්වා සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. එම කාලය තුල යුරෝපයේ නිෂ්පාදනය වූ සම්භාව්‍ය චිත්‍රපට 9ක් ප්‍රදර්ශනය සඳහා සූදානම් කොට ඇත.
උදෑසන 10.30, සවස 3.30 සහ සවස 6.30 ලෙස ප්‍රදර්ශන වේලාවන් වෙන් කොට තිබෙන අතර එම චිත්‍රපට බ්‍රිතාන්‍ය , ඔස්ට්‍රියාව, පෝලන්තය, නෙදර්ලන්තය යන රටවල් වල නිපැයුණු චිත්‍රපටයි. එමෙන්ම සමහර චිත්‍රපට වැඩිහිටියන්ට පමණක් සීමා වෙයි.
යුරෝපා සිනමා උළෙල සඳහා ඇතුල්වීම නොමිලේ.
කාලසටහන පහතින්.

