ජැකී චෑන් සවුදියේදී ශාරුක් සමඟ එක්වෙයි. විල් ස්මිත් එන්න බැහැ කියයි.

ශාරුක් ඛාන් ගේ ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් එලියට ආවේ හිටිඅඩියේමය. ආකර්ශණීය ඡායාරූපයක් වන එහි ශාරුක්, ජැකී චෑන්, මෙන්ම වෑන් ඩෑම් පෙනී සිටියා. ඇත්තෙන්ම එම ඡායාරූපය දුලබ එකක්.

ශාරුක් මේ ඡායාරූපය ගනු ලැබුවේ ඊයේ සවුදි අරාබියේදී. ජැකී චෑන්, වෑන් ඩෑම් මෙන්ම එම ඡායාරූපයේ නොසිටි ජේසන් මොමෝආ ද සවුදි අරාබියේදී ශාරුක් සමඟ එක් වී සිටියා.

මේ බලවත් රංගධරයන් සවුදි අරාබියට පැමිණීමට විශේෂ හේතුවක් තිබුණා. සවුදි අරාබි රජය විසින් 2030 වන විට තම රට විනෝද කටයුතු සඳහා ලෝකයේ ප්‍රධානතම ස්ථානය බවට පත් කිරීම සඳහා වන අඩිතාලම දැම්මේ ඊයේ (13) දිනයේදී. ඒ ‘Joy Forum’ නම් විනෝදාස්වාදන කටයුතු පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් මෙන්ම ප්‍රදර්ශනයක් සංවිධානය කරමින්.

ලෝකයේ රටවල් ගණනකින් ප්‍රදර්ශකයන් මෙන්ම ලෝකයේ නවීන විනෝද අංග ඉදිරි කාලයේදී සවුදියේදී ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මෙම සම්මන්ත්‍රණයේදී හෙළිදරවු කළා. දැඩි මතදාරී ආගමික හේතු නිසා දශක කිහිපයකින් කිසිම විනෝද මාධ්‍යයක් නොතිබූ සවුදියට නවීන යුගයට ගැලපෙන විනෝද මාධ්‍යය හඳුන්වාදීම මෑත කාලයේදී සිදු වුණා. ඊට හේතු වුණේ සවුදි රජ පුටුවේ සිදුවූ වෙනස්කම.

එමෙන්ම දශක 3කට පමණ පසු එරට සිනමාහලක් විවෘත කොට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළේ 2018 වසරේදී. එම ප්‍රතිපත්තියද දැනට රාජ්‍ය ප්‍රතිපත්තියට ඇතුලත් වී තිබෙන අතර ඉදිරියේදී සවුදිය පුරා සිනමාහල් සියගණන් ඉදිකිරීමට නියමිතයි. ඒ අනුව සිනමාව පමණක් නොව අන්තර්ජාල අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ සිට ලෝකයේ විශාලතම Theme Park ද මේ අනුව සවුදියේ ඉදිකිරීමට නියමිතයි.

ශාරුක් ජැකී චෑන් සේම මීට පෙර විල් ස්මිත් හා රසල් ක්‍රෝ හටද Joy Forum වෙත එක්වීමට ඇරයුම් ලැබුණත් ඔවුන් ආරාධනය භාර ගෙන තිබුනේ නැහැ. එමෙන්ම හොලිවුඩයේ තවත් බොහෝ අයට මෙන්ම සංවිධාන වලට සවුදිය වෙත ආරාධනය කර තිබුණද මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ මරණය සම්බන්ධයෙන් සවුදි රජයට එල්ලවෙන චෝදනාව හේතුවෙන් ඒ බොහෝ දෙනා ආරාධනය ප්‍රතික්ෂේප කොට තිබුණා.

ශාරුක් අන්තර්ජාලයට මුසු කළ ඡායාරූපය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *