Mission Mangal ඉහළටම යයි

ඇමරිකානු NASA ආයතනය මෙන් ඉන්දියාවටද අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් තිබෙනවා. ඒ ISRO. සිංහලෙන්ම කියනවානම් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය. මේ ආයතනයට තමයි ලෝකයේ මුලින්ම අභ්‍යවකාශ යානාවක් අඟහරු වෙත යවන්න පුළුවන් වුනේ.

අගෝස්තු 15 සිට ඉන්දියාවේ තිරගත වීම ඇරඹුණා අලුත් චිත්‍රපටයක්. ඒ ‘මිෂන් මංගල්’. 2013 නොවැම්බර් මස ISRO විසින් අභ්‍යවකාශයට යවන ලද යානය තමයි ‘මංගල්යාන්’. ඉතින් ඒ ක්‍රියාදාමය තමයි ‘මිෂන් මංගල්’. ඉතින් මේ දිනවල එම මිෂන් එක ඇතුලත් චිත්‍රපටය ප්‍රේක්ෂක උණුසුම මැද ඉන්දියාවේ තිරගත වනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ආක්ෂේ කුමාර්. ඔහු තමයි මෙහි කාටත් පේන විද්‍යාඥයා. ඒ වගේම මේ චිත්‍රපටය වැඩියෙන්ම අවධානය යොමු කළේ මේ මිෂන් එක සඳහා සහභාගී වුනු කාන්තා විද්‍යාඥයන් ගැන. එම චරිත රඟදක්වන්නේ සොනක්ෂි සිංහා, තාප්සේ පන්නු සමඟින් නිත්‍යා මෙනන්.

චිත්‍රපටය මේ වන විට ඉන්දියාවේ box office වාර්තා තබමින් තිරගත වනවා. ඒ අනුව ඊයේ දිනය වන විට ඉන්දියන් රුපියල් කෝටි 112 කටත් අධික අදායමක් උපයා තිබෙනවා. පුද්ගලිකව අක්ෂේ කුමාර්ටද මෙම අදායම් වාර්තා සුවිශේෂී වනවා. ගිය වසරේ ඔහු රඟපෑ Gold චිත්‍රපටය ප්‍රථම දින රුපියල් කෝටි 25 කට අධික අදායමක් වාර්තා කරද්දී Mission Mangal කෝටි 29 කට අධික ආදායමක් ඉපයුවා. ඒ මෙතෙක් අක්ෂේ කුමාර් ගේ චිත්‍රපටයක් ප්‍රථම දින ඉපයූ ඉහලම ඉපයීමයි.

චිත්‍රපටය ජගන් ශක්ති ගේ අධ්‍යක්ෂණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *