දයා විමලවීරයන් අභාවප්‍රාප්ත වෙයි

දේශීය සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වන දයා විමලවීර ඊයේ (12) දහවල් අභාවප්‍රාප්ත වුනා. ඒ සිය 81 වන වියේදී. ඊයේ වන විටත් අපගේ සිනමාවේ රැඳී සිටින ජ්‍යෙෂ්ට ශිල්පීන්ගෙන් ජ්‍යෙෂ්ටතම පුද්ගලයෙක් ලෙස දයා විමලවීර හැඳින්වූවා. මුල් යුගයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සිය පියා වූ සිරිසේන විමලවීර පෙන්වූ ගමන් මග ඔස්සේ සිනමාවට පිවිසුනේ සහය කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙසයි. ඒ සිරිසේන විමලවීර යන්ගේ ‘එකමත් එක රටක’ චිත්‍රපටයෙන්.

ඉන් පසු චිත්‍රපට බොහොමයක ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ එතුමා ප්‍රථම වරට සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස කලඑලි බැස්සේ 1972 තිරගත වූ ‘වීදුරු ගෙවල්’ චිත්‍රපටයෙන්. ඉන් පසු චිත්‍රපට රාශියක කටයුතු කළ ඔහු ඒවායින් දේශීය සිනමාවේ නොමැකෙන නමක් සටහන් කරනු ලැබුවා.

කලක් දැඩි ලෙස රෝගාතුර වුවද ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීමට හෙළවුඩ් POPCORN අමතක කළේ නැහැ. ජනවාරි 23 වන දින හෙළවුඩ් POPCORN ජනගත කිරීමේ දිනයේදී එතුමා විශේෂ ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා.

දේහය මේ වන විට 154 A, ඇන්ඩර්සන් පාර, දෙහිවල ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (14) සවස නැදිමාල පොදු සුසාන භූමියේදී සිදු කරනු ඇත.

සිනමාවේ ජ්‍යෙෂ්ටයාණනි, ඔබ පතනා මෝක්ෂයකට යාමට අපේ ප්‍රාර්ථනාව මින් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *