‘ගෝරි’ හොඳම ආදායම වාර්තා කරයි. නැවතත් ප්‍රේක්ෂකයන් සිනමාහලට එන ලකුණු !

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘ගෝරි’ මේ වන විට උණුසුම් ප්‍රතිචාර මැද ප්‍රදර්ශනය වනවා. කොළඹ රීගල්, ලිඩෝ , සැවෝයි ප්‍රිමියර් ඇතුලු දිවයින පුරා සිනමා ශාලා රැසක ගෝරි ප්‍රදර්ශනය අරඹා ඇත.

විශේෂත්වය නම් ‘ගෝරි’ මේ වන විට ඉතා හොඳින් ආදායම් අතරට පැමිණීමයි. පළමු සතිය අවසාන වන විට ‘ගෝරි’ ලක්ෂ 50ක ආදායම් සීමාව ඉක්මවා තිබුණා. එහි විශේෂත්වය නම් රටේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය මැද සිනමා ශාලාවලට දේශිය සිනමාපට නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව දැඩි ලෙස සීමා වූ නමුත් ‘ගෝරි’ ප්‍රදර්ශනය ආරම්භ වීමත් සමඟ නැවත ප්‍රේක්ෂකයන් දේශීය සිනමාව නැරඹීමට සිනමා ශාලාවලට ක්‍රමයෙන් පැමිණෙන ලකුණු පෙන්නුම් කිරීමයි. ඒ අනුව ‘ගෝරි’ ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක රැඳෙනු ඇති බවට ආදායම් වාර්තා ඉඟි පල කරනවා.

කැලුම් ආර්යන්, රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටීනා ශනෙල්, පුබුදු චතුරංග ඇතුලු රංගන ශිල්පීන් රැසක් ‘ගෝරි’ වෙත රංගනයෙන් දායක වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *