Warner Bros. මුල් පුටුවට කාන්තාවක්…

Warner Bros. හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි Kevin Tsujihara ගේ මතබේදාත්මක ඉල්ලා අස්වීමෙන් පසුව ඔහු වෙනුවට Ann Sarnoff බඳවා ගෙන තිබේ. Ann න් මීට පෙර බීබීසී ස්ටූඩියෝ ඇමරිකාවේ සභාපතිනිය වූ අතර වසර සියයක ඉතිහාසය තුළ WB හි ප්‍රධානියා ලෙස කටයුතු කළ පළමු කාන්තාව වනු ඇත.

WB චිත්‍රාගාරය මාර්තු මාසයේ සිට ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැතිව ක්‍රියාත්මක වූ අතර සංවර්ධන අදියරවල පවතින බොහෝ DC කොමික්ස් චිත්‍රපට ඇතුළුව චිත්‍රාගාරයේ අනාගත ව්‍යාපෘති සමඟ Ann කුමක් කරනු ඇත්දයි බොහෝ දෙනෙක් බලා සිටිනවා.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *