අමීර් ඛාන් ලෝක පූජිත වැඩකට අත ගසයි

අමීර් ඛාන් තමන්ගේ මීළඟ සිනමා කෘතිය සඳහා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ මෑත කාලයේ චිත්‍රපට මෙන්ම මේ චිත්‍රපටයද ඉහළම තැනක රැඳෙනු ඇති බව දැනටමත් බොලිවුඩයේ මත පල වනවා. ඊට හේතු ලෙස එක් හේතුවක දැක්වෙන්නේ ඔහු තෝරා ගත් දැවැන්ත තේමාවයි. අනෙක නම් මෑතකදී ප්‍රදර්ශනය කළ Pirates of the Caribbean අනුසාරයෙන් නිෂ්පාදනය කළ Thugs of Hindustan චිත්‍රපටය හිතූ තරම් සාර්ථක නොවීමයි. විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය අමීර් ඛාන් නිෂ්පාදනයක් වීමය. එයට හවුල් වන්නේ Viacom සමාගමයි.

මීළඟ චිත්‍රපටය සඳහා ඔහු පාදක කරගන්නේ ලෝක පූජිත චිත්‍රපටයක්. එය 1994 දී එලි දැක්වුණු ටොම් හෑන්ක්ස් ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘FORREST GUMP’ චිත්‍රපටයයි. එය 1986 දී Winston Groom විසින් රචිත නවකතාවක්. Robert Zemeckis විසින් අධ්‍යක්ෂණය කරන ලද FORREST GUMP එළඹෙන වර්ෂයේ ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම අනුවර්තිත තිර රචනය ආදී සම්මාන දිනූ අතර ටොම් හෑන්ක්ස් විසින් හොඳම නලුවා සම්මානය FORREST GUMP චරිතය වෙනුවෙන් ලබා ගත්තා.

දැනටමත් මෙම චිත්‍රපටයේ හින්දි නිෂ්පාදනය සඳහා අමීර් ඛාන් විසින් Paramount වෙතින් අවසරය ලබා ගෙන තිබෙනවා. නිෂ්පාදන කණ්ඩායම එයට නම් තබා තිබෙන්නේ ‘ලාල් සිං චාධා’ යනුවෙන්. එම චරිතය සික් ජාතිකයෙකුගේ අනුසාරයෙන් අමීර් ඛාන් නිරූපණය කරනු ඇත. ඒ සඳහා ඔහු කිලෝ 20ක ප්‍රමාණයක් බර අඩු කරගැනීම මේ දිනවල සිදු කරන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අද්වෛත් චන්දන් විසින්. චිත්‍රපටයේ සෙසු ශිල්පීන් කවුද යන්න මෙතෙක් හෙළි කර නැහැ.

2020 වසරේ දෙසැම්බර් වන විට චිත්‍රපටය ලොව පුරා නිකුත් කිරීමටයි නිෂ්පාදකයන්ගේ සැලැස්ම.

FORREST GUMP පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *