ටැරන්ටිනෝ Once Upon a Time in Hollywood සමඟින් ‘කාන්ස්’ යයි

ලෝකයේ බොහෝ රසිකයන්ට ‘කුවින්ටන් ටැරන්ටිනෝ’ යන නම ඇසුණ විගස සිහියට නැගෙන්නේ ක්‍රියාදාම පිරුණු Crime ශානරයට අයත් චිත්‍රපටයි. 1994 දී එලි දැක්වුණු Pulp Fiction චිත්‍රපටය ටැරන්ටිනෝ අධ්‍යක්ෂණය කළ කාටත් මතක චිත්‍රපටයක් වුනා. ඒ වගේමයි 2015 එලි දැක්වුණු The Hateful Eight චිත්‍රපටය. ටැරන්ටිනෝ කියනා විදිහට ඔහුගේ වෘත්තීමය සිනමා ජීවිතය තුල ඔහු අධ්‍යක්ෂණය කිරීමට යන්නේ චිත්‍රපට 10ක් පමණයි.

Once Upon a Time in Hollywood කියන්නේ ටැරන්ටිනෝ ගේ 8වැනි චිත්‍රපටය. එය හොලිවුඩය තුලම හොලිවුඩයේ වූ යම් යම් ආන්දෝලනාත්මක සිද්ධි පාදක කොට ගෙන නිපදවා තිබෙනවා. විශේෂයෙන්ම 1960 දශකයේ අග හොලිවුඩයේ නැගී එන නිළියක මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන එමෙන්ම සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ රෝමන් පොලාන්ස්කි ගේ බිරියද වන ශැරන් ටේට් ගේ මිනී මරුම සම්බන්දයෙන් ටැරන්ටිනෝ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

චිත්‍රපටයට වැඩි අවධානයක් ලෝකයෙන් ලැබෙන්නට ප්‍රධාන හේතුවක් වුනේ එහි රඟපාන ප්‍රධාන නලු චරිත නිසයි. ලෝක සිනමාව තුල දැකිය හැකි දුර්ලභ මෙන්ම හොඳම සංකලනයක් වන ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ සමඟින් බ්‍රැඩ් පිට් චරිත නිරූපණය කිරීමයි. එමෙන්ම පසුගිය සතියේ කාන්ස් උළෙලට සමගාමීව නිතර ප්‍රවෘත්ති වාර්තා වුනේ Once Upon a Time in Hollywood මෙවර කාන්ස් උළෙල වෙත ඉදිරිපත් වීම සැක සහිත බවයි. ඊට හේතු ලෙස වාර්තා වුණේ චිත්‍රපටයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් නොවීමයි.

නමුත් ඊයේ දිනය වන විට වාර්තා වූයේ Once Upon a Time in Hollywood ප්‍රථම ලෝක මංගල දැක්ම සඳහා සුදානම් බවයි. එමෙන්ම උළෙලේ ඉහළම සම්මානය වන ‘පාම් දෝ’ සඳහා වන සම්මාන තරඟය නියෝජනය කරන බවද කාන්ස් උළෙල නිවේදනය කළා. ටැරන්ටිනෝ මීට පෙර Pulp Fiction සමඟින් ප්‍රථම වරට කාන්ස් නියෝජනය කළා.

ලබන ජූලි මාසයේ සිට Once Upon a Time in Hollywood ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

කුවින්ටන් ටැරන්ටිනෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *