නුවන්ගේ සුළඟ අප රැගෙන අද සිට දිවයින පුරා යාවි …

නුවන් ජයතිලක නම් තරුණ අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘සුළඟ අප රැගෙන යාවි’ අද සිට දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය ඇරඹුවා. සුළඟ අප රැගෙන යාවි මායා නවගත්තේගමගේ නිෂ්පාදනයක්. කඳුකර ආශ්‍රිත තවලම් කණ්ඩායමක් ඇසුරින් ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම කුඩා ළමුන් දෙදෙනෙක් තම නිවසේ ගවයා සමඟ පවත්වන සම්බන්ධතාවය මෙම චිත්‍රපටය තුල කතාව ලෙස නිර්මාණය වේ.

ලෝකයේ බොහෝ සිනමා සම්මාන උළෙලවල් වල නියෝජනය ලැබූ ‘සුළඟ අප රැගෙන යාවි’ යුරෝපයේ බොහෝ සිනමා වෙළඳපොලවල් වල අවධානය දිනූ චිත්‍රපටයකි. මෙහි රංගනය අයිරාංගනී සේරසිංහ මැතිණිය , ප්‍රියංකර රත්නායක , සුරංගා රණවක ඇතුලු නලු නිලියන් රැසකගෙනි.

චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රමණීයම දර්ශන තල වල රූගත කර තිබීම විශේෂත්වයක්.

චිත්‍රපටයේ සංගීතය චිත්‍රාල් සෝමපාල ගෙනි. චිත්‍රපටය MPI සහ LFD මණ්ඩලයේ සිනමා ශාලාවල අද සිට සීමිත කාලයකට තිරගත වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *