Gully Boy බර්ලින් හොල්ලයි. රන්වීර් සිං Rap කියයි.

සෝයා අක්තාර් කියන්නේ දිල් දදක්නේ දෝ , සින්දගී නා මිලේගී ඩොබාරා වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරිය. ජාවිඩ් අක්තාර් කියන කලාකරුවාගේ දියණිය. ඒ වගේම ෆර්හාන් අක්තාර් කියන ඕල්රවුන්ඩ් කලාකරුවාගේ සහෝදරිය. සෝයා අධ්‍යක්ෂණය කළා චිත්‍රපටයක්. නම ‘Gully Boy’. ඒකෙ තේරුම නිකං හරියට අසූචි ගොඩක ඉන්න කොල්ලා වගේ එකක්. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මොකද ගලි බෝයි කතාව දිවෙන්නේ මුඩුක්කුවක දිවි ගෙවන තරුණයෙක් රැප් ගායකයෙක් වෙන්න දරණ උත්සාහය ගැන.

මේ තරුණයාව දුප්පත්කමින් මුදවලා ඉහල තැනකට ගේන්න ඔහුගේ දෙමවුපියන් උත්සහා කරනවා. නමුත් තරුණයා වැඩි කැමැත්තක් දක්වන්නේ මුම්බායි නගරයේ අතිශය ජනප්‍රිය වීදි රැප් ප්‍රගුණ කරන්න. ඉතින් ඒක මාර බොලිවුඩ් කතාවක්. මේ තරුණයාට රඟපාන්නේ රන්වීර් සිං. ඔහු එක්ක ඉන්න අනෙක් තරුව ආලියා භාත්. සෝයා ගේ මේ චිත්‍රපටය පෙබරවාරි 14 ඉඳන් ඉන්දියාවේ තිරගත වෙනවා.

නමුත් ඊට කලින් ලෝක මංගල දර්ශනය තිබ්බා. ඒ පසුගිය දිනෙක බර්ලින් සිනමා උළෙලේ. බර්ලින් සිනමා උළෙලේ ඉන්දියානු චිත්‍රපට වලට වෙනම සැලකිල්ලක් දක්වනවා. ඒකට හේතුව තමයි ඉන්දියානු චිත්‍රපට වලට ජර්මනියේ තියෙන අධික ඉල්ලුම. බොලිවුඩ් තරු වලටත් පිස්සුවෙන් වගේ ප්‍රේම කරන සුද්දෝ ජර්මනියේ බොහොමයි. කොටින්ම පහුගිය වසරවල් වල බර්ලින් උළෙලේ බොලිවුඩ් තරු බලන්න ප්‍රේක්ෂකයෝ පොර කාලා බර්ලින් වල පාරවල් වහපු සිද්දි ගොඩක් තිබුනා. ඉතින් ඒ උණුසුම මේ පාර දැනුනා ගලි බෝයි නිසා.

ගලි බෝයි බලන්න මේ පාරත් ලොකු උද්‍යෝගයක් ජර්මනියේ තිබ්බා. රන්වීර් වගේම ආලියාත් බර්ලින් වල හිටියා. මංගල දර්ශනය අතරතුර රන්වීර් ගැයුවා රැප් එකක්. ඒ ගලි බෝයි චිත්‍රපටයේ එන රැප් එකක්. ඒකට බර්ලින් රසිකයෝ එකතු වුනු විදිහ ඉතාම ආකර්ශනීයයි.

මේ චිත්‍රපටයේ නිෂ්පාදනය සෝයා අක්තාර් , ෆර්හාන් අක්තාර් සමඟින් රිතේෂ් සිද්වානි.

Gully Boy පූර්ව ප්‍රචාරක පටයයි රන්වීර් ගේ රැප් එකයි පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *