කන්නේ මොකටද අනං මනං – කමුකෝ ගෙදරම POPCORN හදං

ඇයි දෙන්නේ ලොකු ගණන්. හෙළවුඩ් පොප්කෝර්න් අපි කියන්නං ගෙදරදීම පොප්කොර්න් හදාගන්න ක්‍රමයක්. පොප්කොර්න් කියන්නේ ලෝකයේ ජනප්‍රියම SNACK එකක්. කඩේදී ෆිල්ම් හෝල් එකේදී පෙන්නන තරම් ලොකු ගණන් පොප්කොර්න් වල නැහැ. හදන්න හරි ලෙහෙසියි. සරලයි. වියදමුත් අඩුයි. දවසක හදාගෙන ගෙදර අයත් එක්ක බලන්න ෆිල්ම් එකක්. ඒ feel එක හෙළවුඩ් පොප්කොර්න් අපිට කියන්න.

ගන්න මේ මේ දේවල්…

-ඉරිඟු ඇට කෝප්ප 1/2ක්.
-ලුනු ටිකක්.
-තෙල් මේස හැඳි 2ක්.

හදන විදිහ…

පියන වහන්න පුළුවන් තරමක් විශාල භාජනයකට තෙල් ටික දාලා මධ්‍යම ගින්දරේ ලිප තියන්න. තෙල් ටික රත් වී ගෙන එනකොට ඉරිඟු ඇට ටික එකතු කරන්න. දැන් පියන වහන්න.

ටික වෙලාවක් යද්දී භාජනයෙන් POP POP ගාලා හඬක් එනවා. එතකොටම පියනත් හොඳින් අල්ලාගෙන භාජනය හොඳට හොලවන්න. හොලවලා මිශ්‍ර කරගන්න.

දැන් වැඩි වෙලා ලිපේ තියන්න එපා. පොප්කෝර්න් රොස් වෙයි. පොප් සද්දය සම්පූර්ණයෙන්ම නැවතිච්ච ගමන් වෙන භාජනයකට පොප්කොර්න් මාරු කරගන්න. දැන් ලුනු ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් ඉතින් කන්නයි තියෙන්නේ.

හොඳ හොඳ රෙසිපි ටිකක් පස්සේ දෙන්නන්. එතකන් ඔය ක්‍රමේට කන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *