රඟපෑම කියන්නෙ හරි අමාරු කලා හැකියාවක්. තව කෙනෙක් විදිහට හැඩගැහෙනවා කියන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Physically චරිතයක් වෙනුවෙන් වෙනස් වෙන එක ඕනම නලුවෙකුට කරන්න පුලුවන් Practical දෙයක්. හැබැයි ඒ නලුවා ඒ චරිතයට සමවැදිලා රඟපාන්න දක්ශ ද නැද්ද කියන එක අදාල නලුව සතු ශුද්ධ වූ හැකියාවක්.
අපි මේ කතා කරන්නේ අන්න ඒ වගේ නිසඟ රඟපෑම් හැකියාවක් ඇති දක්ශ රංගන ශිල්පියෙකු මෙතෙක් ආ දුර ගමන ගැනයි. අබ්දුල් හමීඩ් මොහොමඩ් ෆාහාද් ෆාසිල් හෙවත් ෆාහාද් ෆාසිල්. අද අපි නිකමට ඔහු ගැන කතා කරමු.
Faazil කියන දකුණු ඉන්දියානු ප්‍රකට අධ්‍යක්ශකවරයාට සහ Rozina කියන ඔහුගේ බිරිඳට පුතෙක් ඉපදෙනවා 1982 අගෝස්තු 8 වෙනිදා. ඉස්ලාම් සම්ප්‍රදායත් එක්ක ෆාසිල් මහත්තයා මේ පුතාට තමන්ගේ නමත් එකතු කරලා Fahad Fazil කියලා නම් තියනවා. Fahad ගේ තාත්තා Faazil කියන්නේ සම්මාන ලාභී අධ්‍යක්ශකවරයෙක්.
1980 ආරම්භ වුණ ජ්‍යේශ්ඨ Faazil ගේ සිනමා ගමන තුල, ඔහු රංගන ශිල්පියෙකු ලෙස, තිර රචකයෙකු ලෙස, නිශ්පාදකවරයෙකු ලෙස දායකත්වය දිල තියෙනවා. ඉතින් Fahad ගේ සිනමා දිවියේ ආරම්භය ගැන වෙනත් අටුවා ටීකා අවශ්‍ය නෑනෙ.
Fahad ට සහෝදරියො දෙන්නයි. සහෝදරයෝ එක්කෙනයි. Faahad ගෙ සහෝදරයා Farhaan තුත් එච්චර ප්‍රසිද්ධ නැති රංගන ශිල්පියෙක්.
ඉතින් පැහැදිලියිනෙ ඔබට. මේ කලා පවුලක්.
Fahad අලපූසා සහ ඌටිහි පාසල් කිහිපයකින් ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබනවා. ඒ වගේම උපාධිය ලබනවා Alleppey හි Sanatana Dharma College විශ්ව විද්‍යාලයෙන්. ඊට පස්සෙ MA එක කරන්න ඔහු ඇමෙරිකාවේ මියාමි වලට පියාඹනවා. ඔහු University Of Miami කියන ප්‍රකට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙන්නෙ අන්න එහෙමයි.
Miami වලට යන්න කලින් ෆාහාද් තමන්ගේ ප්‍රථම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. තාත්තා අධ්‍යක්ශණය කරපු Kaiyethum Doorath චිත්‍රපටය තමයි ඒ අනුව Fahad ගේ රංගනයන් ඇතුලත් කුළුඳුල් චිත්‍රපටය බවට පත් වෙන්නේ.
මේ Film එක Box Office දත්ත අතින් ගත්තම Flop මූවි එකක්. මේ ගැන පසු කාලීනව මාධ්‍ය වේදියෝ ෆාහාද් ගෙන් අහනවා.
Kaiyethum Doorath – 2002
“තාත්තට බනින්නෙපා ඒ මූවි එක ෆේල් වුණ එක ගැන. ඒක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද. මම Set එකට එනකොට පොඩිම හරි සූදානමක් වෙලා තිබුණෙ නෑ. මම ඒක හරි ලේසියට ගත්ත එකයි වැරැද්ද වුනේ.” ෆාහාද් එහෙම කියනවා.
Miami වල අධ්‍යාපනයෙන් සහ රංගනය ගැන කරපු මනා අධ්‍යයනයකින් පස්සේ Fahad නැවත 2009 දී රංගනයට අවතීර්ණ වෙනවා. Kerala Cafe තමයි ඒ අනුව ඔහුගේ 2 වැනි චිත්‍රපටය බවට පත් වෙන්නේ.
Kerala Cafe – 2009
Pramani, Cocktail, Tournament, Chappa Kurishu ආදී Thriller ශානරයට අයත් චිත්‍රපට ගණනාවක ඔහු ඊලඟට රඟපානවා. ඒවා Boxoffice අතින් මහා සාර්ථකත්වයක් ලබා නොගත්තත්, Fahad ඔහුගේ රංගනය හැම චිත්‍රපටයක් ඇතුලෙම ගොඩ දාගන්න සමත් වෙනවා.
Pramani – 2010
Cocktail – 2010
Chaappa Kurishu – 2011
2012 Fahad ගේ රංගනයේ සන්ධිස්ථානයමය අවුරුද්දක් විදිහට මම හඳුන්වන්න කැමතියි. රංගනය සම්බන්ධ පාසලක් වගේ චිත්‍රපටයක් වන Annayum Rasoolum චිත්‍රපටය එලිදකින්නේ මේ අවුරුද්දෙ දී. ඒ වගේම ඒ අවුරුද්දෙම එලිදැකපු 22 Female Kottayam කියන සිනමා පටයත් ජනතා ආකර්ශණය වගේම විචාරක ඇගයීම් වලට ලක් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ ආපු Amen චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය ලෙස Khaleej Times මාධ්‍ය ආයතනය විසින් නම් කරනවා.
Annayum Rasoolum – 2013
22 Female Kottayam – 2012
Amen – 2013
Fahad හෙමි හෙමින් සුවිශිෂ්ට නලුවෙක් බවට පත් වෙන ලකුණු මේ චිත්‍රපට වල තියෙනවා.
2013 ආපු 5 Sundarikal, North 24 Kaatham සහ Oru Indian Pranayakadha, Diamog Necklace කියන්නෙත් Fahad ගේ රංගනයේ සැලකිය යුතු සන්ධිස්ථාන කිහිපයක්.
5 Sundarikal – 2013
North 24 Kaatham – 2014
Oru Indian Pranayakadha – 2013
Diamond Necklace – 2012
2014 ආපු Bangalore Days මලයාලම් සිනමා රසික ආකර්ශණයෙන් එහාට ගිහිල්ලා ලෝකයම ආදරය කරන සිනමා පටයක් බවට පත් වෙනවා.
Bangalore Days – 2014
Fahad ගේ බිරිඳ සුප්‍රකට මලයාලම් නිළිය Nazria ඔහුව අඳුනගන්නෙ මේ Bangalore Days චිත්‍රපටයෙ රූපගත කිරීම් වලදි. ඔහුගේ ගතිගුණ සහ මහත්මාගුණයන් පිලිබඳ කැමැත්තක් ඇති වුන ඇයම ඔහුගෙන් කැමැත්ත ඉල්ලුවා කියලයි කියන්නේ. අවුරුදු 32 ක් වන Fahad සමග විවාහ වෙද්දි Nazria ගේ වයස අවුරුදු 19 යි.
nazriya fahadh faasil images photos
2016 අවුරුද්දේ ආපු Maheshinte Prathikaaram, 2017 අවුරුද්දේ ආපු Thondimuthalum Driksakshiyum, 2018 අවුරුද්දේ ආපු Varathan, Njan Prakashan, Kumbalangi Nights සහ Super Deluxe කියන චිත්‍රපට 4 තුලම Fahad ගේ අති විශිෂ්ට රංගන පරාසයක් දකින්න පුලුවන්.
Maheshinte Prathikaaram – 2016
Thondimuthalum Driksakshiyum – 2017

Varathan 2018
Njan Prakashan – 2018

Kumbalangi Nights – 2019

Super Deluxe – 2019
ඒ වගේම 2020 අවුරුද්දේ මුල ආපු Trance චිත්‍රපටයත් ඔහුගේ රංගනය ගැන මොනවට පැහැදිලි කරනවා.

“රඟපෑම කියන්නෙ මහන්සි වෙලා කරන්න ඕන දෙයක්. ඔබට නලුවෙක් වෙන්න බෑ පෙර සූදානමක් නැතුව. හැම දෙබසකම හැම වචනයක් වෙනුවෙන්ම ඔබට පූර්ව සූදානමක් තියෙන්න ඕන.”Fahad කියනවා.
Fahad ගේ රංගනය ගැන මට තියෙන සුමුදුම හැඟීම තමයි රංගනය සඳහා ඔහු ඇස් පාවිච්චි කරන විදිහ. මේක ගොඩාක් තැන් වල Highlight වෙන දෙයක්. දුක, සතුට, වේදනාව, ත්‍රාසය, හාස්‍යය, පෙන්වන්න ඔහු ඇස් පාවිච්චි කරනවා. ගොඩක් දුරට මේ වෙනුවෙන් රංගන ශිල්පීන්ගේ භාවිතා වෙන්නේ මුහුණේ කට සහ කම්මුල ආශ්රිත ප්‍රදේශය. නමුත් Fahad මේ සියල්ල සඳහා ඇස් ප්‍රයෝජනයට ගන්නවා. හරිම ලස්සනයි. හරිම අමුතුයි.
ඒ ඇස් කතා කරනවා.
Kumbalangi Nights චිත්‍රපටයේ Fahad රඟපාන්නේ Villain Role එක. හැබැයි මේ Character එක හැමතිස්සෙම හිනාවෙනවා. ඒ හිනාව දිහා බලද්දි ඇස් ඇතුලේ මහා ගූඪ බවක් තැවරිලා තියෙන බව ඕන කෙනෙක්ට පේනවා. ඒ නිසා ඒ හිනාවට අපි ආදරේ නෑ. අපි වෛර කරනවා. ඒ ඇයි..? ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි හැඟීමක්.
013 අවුරුද්දේ ඔහු හොඳම නලුවා සම්මාන 3 ක් දිනා ගන්නවා. 2014 අවුරුද්දෙත් 3 ක්. 2018 අවුරුද්දේ 8 ක්. මේ සම්මාන වලින් ඔහුව මනින්න එපා. ඔහුගේ චිත්‍රපට බලන්න කියා මම ඔබට ආරාධනා කරනවා.
Fahad කියන්නෙ කේරලය විතරක් නෙමෙයි, ලෝකයම සතු රංගන සම්පතක් විදිහට මම දකිනවා. ඒක මගේ පෞද්ගලික අදහසක්. ඒත් ඒක බොරු නෙමෙයි කියලා Fahad දවසින් දවස ඔප්පු කරගෙන යනවා.
අද ලෝකය “මලයාලම් සිනමාව” හඳුන්වනවා “මායාමය සිනමාවක්” විදිහට. මේ සිනමාවේ හැම නිර්මාණයකම වගේ තියෙන්නේ අතිශය සරල සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වන සංකීර්ණ කතා. මේ නිසා මේ “මායාමය” කියන නාම විශේෂණය අතිශය සාධාරණයි.කොහොම වුනත් මේ මායාමය සිනමාවේ ” ඇස් වලින් කතන්දර කියන මැජික් කාරයෙක්” ඉන්නවනම් ඒ ෆාහාද් විතරමයි..!

| මහේල හෙට්ටිආරච්චි සටහනක්…