මෙතෙක් ලාංකේය ප්‍රේක්ෂකයා දැක නොතිබූ අලුත්ම චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කිරීමට Scope සිනමාස් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව සරසවිය පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව Scope – සරසවිය සිනමා සොම්නස උළෙල සංවිධානය වෙනවා.
උළෙල සැප්තැම්බර් 4 සිට 8 දක්වා කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහලේදී පැවැත්වෙනවා.
දුරස්ථභාවය සහ සෞඛ්‍ය පුරුදු අකුරට ආරක්ෂා වන අන්දමට උළෙල සූදානම් කොට තිබෙන අතර සිනමාශාලා අභ්‍යන්තරය විෂබීජ වලින් තොර කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය Scope සිනමාස් විසින් මේ වන විටත් සම්පාදනය කර තිබෙනවා.
සැප් . 4 – මිදුණු විශ්වය – ජයන්ත චන්ද්‍රසිරි
සැප් . 5 – කතුරු මිතුරු – ගිරිරාජ් කෞෂල්‍ය
සැප් . 6 – යුගාත්‍රා – චන්න පෙරේරා
සැප් . 7 – මිස් ජෙනිස් – සුසිරන් ද සිල්වා
සැප් . 8 – ගින්දරි 3 – උදයකාන්ත වර්ණසූරිය
සෑම දිනකම දර්ශන වාර 10.30 / 2.30 / 7.00 ලෙස පැවැත්වේ. පස්වරු 7.00 දර්ශනය සඳහා අදාල චිත්‍රපටයේ තරු සහභාගී වේ.





![DSC_7666[1]](https://www.helawoodpopcorn.com/wp-content/uploads/2020/08/DSC_76661-1024x683-640x480.jpg)
![DSC_7684[1]](https://www.helawoodpopcorn.com/wp-content/uploads/2020/08/DSC_76841-1024x683-640x480.jpg)







































